SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියානු ආදී වාසීන් සහ සාමාන්‍ය ජනතාව අතර ඇති පරතරය පියවීමේ 10 වන වාර්තාව එළි දකී.

Close the gap 10th report
Source: SBS

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ඔස්ට්‍රේලියානු ආදී වාසීන්  සහ සාමාන්‍ය ජනතාව අතර පවතින පරතරය පියවීම සදහා ක්‍රියාත්මක වැඩසටහනේ 10 වැනි වාර්ෂික වාර්තාව අද (12/02) ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් විසින් ප්‍රකාශයට පත් කළේය.

2011 වසරේ සිට මෙම ක්‍රියාවලිය තුල එලි දැක්වෙන සාර්ථකම වාර්තාව මෙය බව ද  සදහන්.

මෙම පරතරය පියවීමේදී ලගා  කරගත යුතු ඉලක්ක 7ක් මෙම වැඩසටහන තුල සදහන් වුවත් ඉන් තුනක් පමණක් අදාල  පරිසාධන මට්ටම ලගා  කරගෙන ඇති බව වාර්තා වේ.

ආදී වාසී  ළමා මරණ අඩු කිරීමේ ක්‍රියාවලිය මෙහිදී සාර්ථක ප්‍රතිපල පෙන්වා ඇති අතර, කුඩා කල ලබාදෙන අධ්‍යාපනය, සහ පාසල් අධ්‍යාපනය නිමාවට පත් කරන දරුවන් සංඛ්‍යාව ඉහල දැමීම ආදී කාරණා  වලද සාර්ථක ප්‍රතිපල පෙන්වා ඇති බව වැඩි දුරටත් වාර්තා වෙයි.

නමුත් ආදී වාසීන්ගේ සුභ සිද්ධිය වෙනුවෙන් තවත් කලයුතු දෑ බොහොමයක් ඇති බව කම්කරු පක්ෂයේ  Linda Burney පවසයි.

වත්මන් රජය පසුගිය අත්වැරදි මගින් අත්  දැකීම්  ලබාගනිමින් මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක කර ඇති බව ආදී වාසී කටයුතු පිළිබද අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් මහතාගේ උපදේශක,  මහාචාර්ය  Chris Sarra පැවසුවේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now