SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියානු මධ්‍යම පොලීසියට ඩොලර් මිලියන 321 ක ප්‍රතිපාදන වෙන් කෙරේ.

Australian Federal Police
An Australian Federal Police badge Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

හෙට (09/05) දිනයේ ඉදිරිපත් කිරීමට නියමිත ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අය වැයෙන් ඔස්ට්‍රේලියානු මධ්‍යම පොලීසියට ඩොලර් මිලියන 321 ක ප්‍රතිපාදන වෙන් කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව පසුගිය දශකය තුළ ඔස්ට්‍රේලියානු මධ්‍යම පොලීසියට ලැබුණු ඉහළම ප්‍රතිපාදන මෙය බවද සඳහන්.

ත්‍රස්තවාදයට එරෙහිව කටයුතු කිරීම, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සහ රට තුළට ගෙන්වීමේ ක්‍රියා නැවත්වීමට කටයුතු කිරීම සහ මිනිස් ජාවාරම් නතර කිරීමට කටයුතු කිරීම යනාදියට සහය දැක්වීමට මෙම ප්‍රතිපාදන යොදා ගනු ඇත.

“මෙවැනි අපරාධ අද ලෝකයේ බහුලව දක්නට ලැබෙන අතර ඔස්ට්‍රේලියාව තුළ ඒවා මර්දනය කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම පොලීසියට අවශ්‍ය සියලු නවීන තාක්ෂණය සහ විශේෂඥ දැනුම ලබා දීම අරමුණු කරගනිමින් අපි විසින් මෙම දැවැන්ත ආයෝජනය කරනු ලබනවා.” යනුවෙන් ඔස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල් අද (08/05) කැන්බරා නුවරදී පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now