SKIP TO MAIN CONTENT

JobKeeper ගෙවීම් කප්පාදු කළද එය නොනවත්වන බවට ඔස්ට්‍රේලියානු අගමැති ගෙන් සහතිකයක්

Amharic News 18 September 2020
AUS PM is reassuring workers the JobKeeper wage subsidy isn't ending even though payments are being cut Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

JobKeeper ගෙවීම් ඊයේ සිට කප්පාදු කළද JobKeeper වැටුප් සහන දීමනාව අවසන් නොවන බව ඔස්ට්‍රේලියානු අගමැති Scott Morrison සියලු ඔස්ට්‍රේලියානු සේවකයින් ට සහතික කරයි.

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් ලබාදෙන JobKeeper වැටුප් සහන දීමනාව ඊයේ සිට (28/09) සංශෝධනය කෙරුණි.

ඒ අනුව පූර්ණ කාලීන සේවකයින් සඳහා මෙතෙක් දෙසතියකට වරක් ගෙවනු ලැබූ $1500 දීමනාව ඊයේ සිට $1200 ක් දක්වා අඩු කර ඇත.

එමෙන්ම සතියකට පැය 20 කට වඩා අඩුවෙන් සේවය කරන අර්ධ කාලීන සේවකයින්ට මෙතෙක් දෙසතියකට වරක් ගෙවනු ලැබූ $1500 දීමනාව ඊයේ සිට $750 ක් දක්වා අඩු කර ඇත.

නැවතුනු රැකියා 760,000 ක් ඔස්ට්‍රේලියාව නැවත ආරම්භ කිරීමට අවකාශ සලසා ඇති බවත් ලබන වසරේත් JobKeeper වැටුප් සහන දීමනාව ක්‍රියාත්මක කරන බවත් ඔක්තෝබර් 06 වන දින ඉදිරිපත් කිරීමට නියමිත මධ්‍යම රජයේ අය වැයෙන් පෙන්වන බව අගමැති මොරිසන් Channel Seven පුවත් වෙත පැවසීය. 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now