SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියානු අගමැති ටර්න්බුල් රනිල් හා මෛත්‍රී හමුවෙයි.

AUS PM SL Tour
Source: SBS

2 min read

Published

By Madhura Seneviratne



Skip to article content

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පවතින වෙළෙඳ හා ආයෝජන සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම පිළිබඳ ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් මහතා සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර ඊයේ (2/11) අරලියගහ මන්දිරයේ දී පැවැති හමුවේ දී අවධාරණය කෙරිණි.

වත්මන් රජය පාර්ලිමේන්තු අය-වැය කාර්යාලයක් පිහිටුවීමට ගෙන ඇති ප්‍රතිපත්තිමය තීරණය අගය කළ ටර්න්බුල් මහතා, ඒ සඳහා ඔස්ට්‍රේලියාවේ පූර්ණ සහාය ලබාදෙන බව පැවසීය.

ඊට අවශ්‍ය නිති රීති මේ වන විට කෙටුම් පත් කර ඇති බව පැවසූ වික්‍රමසිංහ මහතා, කතානායක කරු ජයසූරිය මහතා මේ පිළිබඳව ඔස්ට්‍රේලියාව සමඟ සම්බන්ධීකරණ කටයුතු කරනු ඇති බවද පැවසීය.

ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය බවට පත්කරලීමේ අභිලාශය පිළිබඳවත් ඉන්දීය සාගරයේ නිදහස් නාවික ගමනාගමනය තහවුරු කරලීමේ අවශ්‍යතාව  පිළිබඳවත් අග්‍රාමාත්‍යවරයා එම හමුවේදී පැහැදිලි කළේය.

එහිදී දෙරට අතර ජාත්‍යන්තර වෙළඳාම සහ ආයෝජන පිළිබඳ රාමුවක් සැකසීමේ ගිවිසුමට අස්සන් තැබීම ද සිදු විය.

මිනිස් ජාවාරම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් වලට එරෙහිව ශ‍්‍රී ලංකාව ගෙන යන ක‍්‍රියාමාර්ග ද මෙහිදී ඔස්ට්‍රේලියානු අග‍්‍රාමාත්‍යවරයාගේ පැසසුමට ලක්විය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් චාන්දනී විජේවර්ධන මහත්මිය මෙම ගිවිසුමට අස්සන් තැබූ අතර ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ගිවිසුමට අත්සන් තැබුවේ ශ්‍රි ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් බ්රතයිස් හචිසන් මහතායි.

සංවර්ධන උපාය මාර්ග හා ජාත්යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක,  ඔස්ට්‍රෙිලියාවේ ජාතික ආරක්ෂක උපදේශක ජස්ටින් බාසි සහ අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක යන මහත්වරු මේ සාකච්ඡාවට සහභාගී වූහ.

ඉන් අනතුරුව ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් මහතා ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ද හමුවී සාකච්ඡා පැවැත්වීය.

ඔස්ට්‍රේලියානු අගමැති ටර්න්බුල් මහතා එම හමුවෙන් අනතුරුව ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පවතින සබඳතා වල 70 වසරක් සපිරීම නිමිත්තෙන් පැවති උත්සව කිහිපයකට ද සහභාගි වී ඊයේ (02/11) දහවල් ම ඔස්ට්‍රේලියාව බලා නැවත පැමිණියේය.

Source - SL President Media Unit


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now