COVID 19 update 16 August: වසංගතය පාලනය කිරීම ගැන පරීක්ෂණයක් පවත්වන බවට ඔස්ට්‍රේලියානු අගමැතිගෙන් පොරොන්දුවක්

2022 අගෝස්තු 16 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

ANTHONY ALBANESE COVID VACCINATION

Australian Prime Minister Anthony Albanese receiving his fourth vaccine dose in Sydney. (file) Source: AAP / DEAN LEWINS/AAPIMAGE

Highlights

ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවෙන් කොවිඩ් මරණ 73 ක් වාර්තා වී ඇති අතර නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 24 ක්ද, වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 20 ක්ද, ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 17 ක්ද ඊට ඇතුළත් වේ.

ඔස්ට්‍රේලියාවේ නව කොවිඩ් ආසාදිතයින්, රෝහල්ගතවීම් සහ කොවිඩ් මරණ සඳහා නවතම COVID-19 දත්ත මෙතැනින් ලබාගත හැකිය.

මධ්‍යම රජය හදිසි සත්කාර සායන 50 ක් දියත් කරන බවත් එමඟින් සුළු පරිමාණ හදිසි අවස්ථා සඳහා පැමිණීමට bulk billed අවස්ථාවක් ලබා දෙන බවත් සෞඛ්‍ය අමාත්‍ය Mark Butler චැනල් 10 පුවත් වෙත පැවසීය.

මෙල්බර්න් නුවර Moderna හි නව mRNA පහසුකම සෑම වසරකම එන්නත් මාත්‍රා මිලියන 100 ක් නිකුත් කරන බවද ඔහු පැවසීය. වෙනත් ශ්වසන රෝග සඳහා අවශ්‍ය එන්නත් නිපදවීමට රජයට එම සමාගම සමඟ සාකච්ඡා කළ හැකි බව ද ඔහු පැවසීය.

COVID-19 වසංගතය අතරතුර සෞඛ්‍ය ඇතුළු අවම වශයෙන් අමාත්‍යාංශ පහකට හිටපු අගමැති ස්කොට් මොරිසන් තමාවම පත් කළ බව අගමැති Anthony Albanese තහවුරු කළේය.

ඔස්ට්‍රේලියාව වසංගතය මර්දනය කළ පසු COVID-19 අර්බුදය හැසිරවීම ආශ්‍රිත තත්ත්වයන් පිළිබඳව නිසි පරීක්ෂණයක් සිදු කරන බව අගමැති Anthony Albanese පැවසීය.

මෙම පත්වීම් COVID-19 අර්බුදයට මුහුණ දීමේ නොහැකියාවෙන් රජය ආරක්ෂා කිරීමක් ලෙස සිදු කළ බව හිටපු අගමැති මොරිසන් සිඩ්නි 2GB ගුවන් විදුලිය වෙත පැවසුවේය.

බ්‍රිතාන්‍යය විසින් Moderna හි නවීකරණය කරන ලද COVID-19 එන්නත සඳහා අවසර ලබා දී ඇති අතර එය මුල් කොවිඩ් වයිරසය සහ Omicron ප්‍රභේද දෙකම ඉලක්ක කර ඇත. වයස අවුරුදු 18 සහ ඊට වැඩි පුද්ගලයින් සඳහා එම එන්නත භාවිතා කළ හැකිය.

මේ අතර Pfizer හි ප්‍රධාන විධායක නිලධාරී Albert Bourla, COVID-19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කර ඇත.


Share

2 min read

Published

By Madhura Seneviratne

Source: SBS




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now