ඔස්ට්‍රේලියානු අගමැති ටර්න්බුල් ඉන්දීය සංචාරයේදී නරේන්ද්‍ර මෝදී සමග දුම්රියේ සෙල්ෆි ගහපු හැටි.

Turnbull shares train ride with Indian PM

Source: Herald Sun

ඔස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල් තම ඉන්දීය සංචාරයේදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී සමග ඉන්දියාවේ රාජ්‍ය ගමනා ගමන පද්ධතිය නිරීක්ෂණය කළ අතර එහිදී දෙදෙනා දුම්රිය කිහිපයක ගමන් කිරීමටද අමතක නොකළෝය.

දුම්රිය ගමන් අතරතුර මැල්කම් ටර්න්බුල් විසින් නරේන්ද්‍ර මෝදී සමග සෙල්ෆි ඡායාරූප ලබා ගත් ආකාරය පැමිණ සිටි පුද්ගලයින්ට පුදුමයට කරුණක් බව වාර්තා වේ.

මෙම සංචාරය අතරතුර ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර වෙළෙඳ, අධ්‍යාපන, තාක්ෂණය සහ ආරක්ෂක යන අංශවල ද්වි පාර්ශවික ගිවිසුම් ඇති කරගත් බවද සඳහන්.

මෙහිදී ඉන්දියාවේ පතල් කර්මාන්තයේ දැවැන්තයා වන Adani සමාගමේ සභාපතිවරයාද  ඔස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල් හමුවී ඔස්ට්‍රේලියාවේ ඔවුන් ඉදිකිරීමට සැරසෙන නව ගල් අඟුරු පතල පිළිබඳද සාකච්ඡා පැවැත්වීය.

ඔස්ට්‍රේලියානු අගමැතිවරයාගේ ඉන්දීය සංචාරය අදින් (12/04) අවසන් කිරීමට නියමිතය.


1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now