SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියානු අගමැති සියලු බෞද්ධයින්ට සෞඛ්‍ය සම්පන්න සහ සාමකාමී වෙසක් උත්සවයක් පතයි

AUS PM wishes Buddhist community all the best for a healthy and peaceful Vesak
Source: Wikipedia

2 min read

Published

Updated

By Madhura Seneviratne


Skip to article content

එළඹෙන වෙසක් පොහොය නිමිතිකොටගෙන පැවැත්වෙන වෙසක් උත්සවය වෙනුවෙන් ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Scott Morrison විශේෂ පණිවිඩයක් නිකුත් කර තිබේ.

කොරෝනා වසංගතය හේතුවෙන් ලොව පුරා බෞද්ධයින්ගේ උතුම්ම සහ වැදගත්ම ආගමික උත්සවය වන වෙසක් උත්සවය මෙවර සැමරීමට ලැබී ඇත්තේ ඉතා වෙනස්ම අයුරකින් බව අගමැති මොරිසන් සිය නිවේදනයේ සඳහන් කර ඇත.

මෙම අවස්ථාව ඉතා අභියෝගාත්මක අවස්ථාවක් බවත් සෑම පුද්ගලයෙකුම තමාගේ සමාජ වගකීම මැනවින් හඳුනාගෙන මෙම අභියෝගය ජයගැනීමට එක්විය යුතු බවත් ඔහු පවසයි.

හෙදියන්, වෛද්‍යවරුන්, ගුරුවරුන් ඇතුළු සියලු සේවකයින් මෙන්ම නෑදෑ හිත මිතුරන් ඇතුළු සියලු දෙනාට කොරෝනා වයිරසයෙන් තම සමාජය ආරක්ෂා කරගැනීමට විශාල වගකීමක් ඇති බවද ඔහු සිය වෙසක් පණිවිඩයේ සඳහන් කර තිබේ.

පවතින වසංගත තත්ත්වය අනුව මේ වෙසක් සමයේ බෞද්ධයින්ට තම විහාරස්ථාන ඇතුළු ආගමික ස්ථාන වල වන්දනාමාන කටයුතු කිරීමට හෝ වෙසක් උත්සව සැමරීමට හෝ ජන කණ්ඩායම් වශයෙන් එක් රැස්විය නොහැකි නමුත් සිතින් එක්වී එම කටයුතු සිදු කිරීමට හැකි බව ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා පවසයි.

බෞද්ධ සමාජයේ ඇති කරුණාව, පුද්ගලයන්ට ගරු කිරීම, දයානුකම්පාව සහ ත්‍යාගශීලිභාවය පිළිබඳ තමන් හොඳින්ම දන්නා බවත් එම ගුණාංග මෙම අර්බුදකාරී අවස්ථාවේදී ඉතා වටිනා බවත් ඔහු තම නිවේදනයේ පැහැදිලි කර සිටියි.

මෙවර වෙසක් උත්සවය සෞඛ්‍ය සම්පන්න සහ සාමකාමී වෙසක් උත්සවයක් ලෙස ඔස්ට්‍රේලියාවේ වාසය කරන සියලු බෞද්ධ ජනයාට තමන් ප්‍රාර්ථනා කරන බව ද අගමැති මොරිසන් පවසයි.

Australian PM Vesak Message
Australian PM Vesak Message Source: Australian PM Office
Sinhalese
Source: SBS Sinhala

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now