SKIP TO MAIN CONTENT

යුධ අවි අපනයනයෙන් ලොව ඉහලම රටවල් 10ට ඔස්ට්‍රේලියාව ගෙන යන්න ටර්න්බුල් සැරසෙයි.

Aussie Government plan to be one of the world's top 10 arms exporters.
Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ලොව යුධ අවි අපනයන අතින් ඉදිරියට පැමිණීමට ඔස්ට්‍රේලියාවට අවශ්‍ය වී ඇති බවත්, ඒ සදහා නව සැලසුමක් ක්‍රියත්මක කර ඇති බවත් ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් ප්‍රකාශ කරයි.

මැද  පෙරදිග රටවල් සහ ඇමරිකා එක්සත් ජනපදය වැනි රටවල් ඉලක්ක කර ගනිමින් මෙම නව වැඩසටහන ක්‍රියාත්මක වන බව සදහන්.

යුධ අවි සහ ආරක්ෂක උපාංග අපනයනය මගින් දැනට ඔස්ට්‍රේලියාව  උපයන අදායම ඩොලර් බිලියනයකට ආසන්න  අතර එය ඩොලර් බිලියන 2.5 දක්වා වැඩි කිරීම රජයේ ඉලක්කය වී තිබේ.

එළබෙන දශකය තුල ලොව යුධ අවි අපනයනය කරන ඉහලම රටවල් 10ට  ඔස්ට්‍රේලියාව  එක්  කිරීම රජයේ මූලික ඉලක්කය ද වී තිබේ.

මෙමගින් ඔස්ට්‍රේලියාව තුළ  රැකියා අවස්ථා දහස් ගණනක් අලුතින් බිහිකළ හැකි බව ආරක්ෂක අමාත්‍ය Christopher Pyne පවසයි.

එමෙන්ම, අවි අපනයනය  කිරීමට වැඩි දායකත්වයක් සැපයීම සඳහා අවි ආයුධ නිපදවන දේශීය සමාගම් වෙත සහන සැලසීමට ඩොලර් බිලියන 3.8 ක ප්‍රතිපාදන ද ටර්න්බුල් රජය වෙන් කර ඇති බව වාර්තා වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now