ඔස්ට්‍රේලියාව පුරා සිටින වයස අවුරුදු තුන සම්පුරණ කරන සෑම දරුවෙකු සඳහාම මුල් ළමාවියේ අධ්‍යාපනය ලබාදෙන විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සදහා ඔස්ට්‍රේලියාවේ සියලුම ප්‍රාන්ත සහ ටෙරටරි රජයන්ගෙන් යෝජනාවක් ඉදිරිපත්ව තිබේ.
සතියකට පැය 15ක් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට යෝජනා වී ඇත.
එමෙන්ම මෙම වැඩසටහන ඔස්ට්‍රේලියානු අධ්‍යාපන ක්‍රමවේදයේ සුවිශේෂී දියුණුවකට හේතුවනු ඇති බව මේ පිළිබඳ සිදු කල විමර්ශනයකින් පසුව ප්‍රකාශයට පත් වී තිබේ.
අපහසුතාවන්ට මුහුණ දී සිටින පවුල් සදහා මෙම වැඩසටහන මගින් සහනයක් හිමිවන බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත ළමා අධ්‍යාපනය පිළිබද ඇමතිනි Sarah Mitchell පවසයි.
Share

