අද තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට සුරංග ලක්මාල් -ශ්‍රී ලංකා - ඕස්ට්‍රේලියා අවසන් ටෙස්ට් තරගය අද කොළඔ දී (SBS සිංහල /වාර්තා)

ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද (අගෝස්තු 13දා ) SSC ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිත අතර, මෙම තරගයේදීද ශ්‍රී ලංකා දග පන්දු යවන්නන්ට මුහුණ දීම ඕස්ට්‍රේලියාවට අභියෝගාත්මක කාරණයක් වනු ඇති බව විචාරක මතය වී තිබේ.

Australia's captain Steve Smith

Australia captain Steve Smith says he wants better accuracy from his bowlers against Sri Lanka. (AAP) Source: AAP

 ඕස්ට්‍රේලියාව  සහ ශ්‍රී ලංකාව අතර අද ආරම්භ වන තුන්වන අසහා අවසන් ටෙස්ට් තරගය ජයගනිමින් තරගාවලිය 3-0 ක් ලෙස ජය ගැනීම තම බලාපොරොත්තුව බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් පවසයි .

" SSC තනතිරුව දග පන්දු යවන්නන්ට වඩා හිතකර වේවි" - ඇන්ජලෝ මැතිව්ස්


ගාල්ල තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් හිමි කරගත් විශ්ව ප්‍රනාන්දු මෙම තරගයේදී කණ්ඩායමෙන් ඉවත් වනු ඇති බවත් ඒ වෙනුවට සුරංග ලක්මාල් කණ්ඩායමට එක වනු ඇති බවත් වාර්තා වෙයි. සුරංග ලක්මාල් අබාධයක් හේතුවෙන් පළමු තරග දෙකට ක්‍රීඩා නොකලත් මෙම තරගයේදී සුරංග කණ්ඩායමට එක වනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් පවසයි. ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිති කරුවන් වන දිමුත් කරුණාරත්න සහ කෞෂාල් සිල්වා තරගාවලිය තුල මෙතෙක් අසාර්ථක වීම නිසා ඔවුන් දෙදෙනා කණ්ඩායම තුල රදවාගැනීම පිලිබදව විචාරකයින් විවේචන එල්ල කලද, මෙම තරගයේදීද ඔවුන් දෙදෙනාට අවස්ථාවක් ලබා දෙන බව මැතිව්ස් ප්‍රකාශ කර තිබේ.

තවද SSC තණතීරුව පිතිකරුවන්ට හිතකර තණ  තීරුවක් ලෙස බොහෝ දෙනෙක් මත පල කලත්, නමුත් තණ  තීරුව දග  පන්දු යවන්නන්ට හිතකර තණ  තීරුවක් බව තමන්ගේ විශ්වාස කරන බව මැතිව්ස් පවසයි.

2-0 ක් ලෙස ශ්‍රී ලංකාව පෙරමුණේ

තරගාවලිය නිමාවට පත් වීමටත් පෙර 2-0 ක් ලෙස තරගාවලියේ පෙරමුණ ගනිමින් තරගාවලි ජය සහතික කරනගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වී ඇති අතර, ඔවුන් තුන්වන සහ අවසන් තරගයට පිවිසෙන්නේ ඉතා ඉහල මානසික තත්වයකින් යුතුවයි. දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ඕස්ට්‍රේලියාව  ශ්‍රී ලංකාව හමුවේ ලකුණු 229කින් පරාජයට පත් වීම " ඕස්ට්‍රේලියානු ලක්ෂණයක් නොවන" ("un-Australian") කාරණයක් ලෙස මාධ්‍ය සදහන් කර තිබු අතර, තෙවැනි තරගයේදී ඕස්ට්‍රේලියාව  පරාජයෙන් බේරා  ගැනීම සදහා, උපනායක David Warner හට සුවිශේෂී වගකීමක් හිමි බව ඕස්ට්‍රේලියානු මාධ්‍ය පෙන්වා දී තිබේ.

 

ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු Joe Burns පළමු තරග දෙකේදීම අසාර්ථක වීම හේතුවෙන්, තුන් වැනි තරගයේදී කණ්ඩායමෙන් ඉවත්කරනු ඇති බවට වාර්තා පල වුනත් එම වාර්තා ප්‍රතික්ෂේප කරන Burns පවසන්නේ ආසියානු කලාපයේදී තමන්ට දස්කම් දැක්විය හැකි බව, කොළඔ දී පැවැත්වෙන තුන්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී පෙන්විය හැකි බව තමන්ට විශ්වාස බවයි.

ටෙස්ට් තරගාවලියේ ත්‍යාග ප්‍රධානයට මුරලිට ආරාධනා

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව  අතර  ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය මුරලි - වෝන්  කුසලානය සදහා පැවැත්වෙන අතර තරගාවලියේ අවසන් තරගයෙන් පසුව පැවැත්වෙන ත්‍යාග ප්‍රධානය කිරීමේ අවස්ථාවට සුපිරි දග  පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ටද ආරාධනා කර ඇතැයි  ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා පසුගියදා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර තිබිණි. තරගාවලිය ආරම්භයේදී මුරලි ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ දග  පන්දු යැවීමේ උපදේශකයෙකු වශයෙන් කටයුතු කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ඔහු අතර මත භේදාත්මක තත්වයක් හට ගත් අතර මාධ්‍ය සහ සමාජ වෙබ් අඩවි ඔස්සේද ඒ පිලිබදව විවධ මතභේදාත්මක තොරතුරු වාර්තා විය.


Share

Published

Updated


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
අද තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට සුරංග ලක්මාල් -ශ්‍රී ලංකා - ඕස්ට්‍රේලියා අවසන් ටෙස්ට් තරගය අද කොළඔ දී (SBS සිංහල /වාර්තා) | SBS Sinhala