ශ්‍රී ලංකා - ඕස්ට්‍රේලියා පළමු ටෙස්ට් තරගය :ඕස්ට්‍රේලියාව ජයග්‍රහණයට ලකුණු 185ක් පිටුපසින් (වාර්තා/ SBS සිංහල)

අගනා ඉනිමක් වාර්තා කල කුසල් මෙන්ඩිස් ලකුණු 176කින් ශ්‍රී ලංකා ඉනිමට තම දායකත්වය ලබා දුන්නේය. මෙම සුපිරි ඉනිමත් සමගින් කුසල් මෙන්ඩිස් කුසල් මෙන්ඩිස් ඔස්ට්‍රේලියාවට එරෙහිව අඩුම වයසකින් ටෙස්ට් තරඟයකදී ලකුණු 150 සීමාව අභිබවා ගිය ලොව දෙවැනි පිතිකරුවා ලෙසත් වාර්තා අතරට එක විය.

Sri Lanka Australia 1st test, Pallekale Sri Lanka

Australian captain Steve Smith, second right, wicket keeper Peter Nevill, and Usman Khawaja unsuccessfully appeal to dismiss Sri Lanka's Angelo Mathews, Source: AP Photo/Eranga Jayawardena

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පල්ලේකැලේදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ඊයේ සිව්වැනි දිනට නිමවූ අතර, ඊයේ දිනයේ වර්ෂාව සහ අයහපත් ආලෝක තත්වය හේතුවෙන් තරගය නතර කරන විට ඕස්ට්‍රේලියානු කණ්ඩායම තම දෙවන ඉනිම සදහා කඩුලු  3ක් දැවී ලකුණු 83ක් ලබා සිටියේය. ඒ අනුව මෙම තරගයේදී ලකුණු 268ක ඉලක්කයක් හඹා යන ඕස්ට්‍රේලියානු කණ්ඩායම තරගයේ ජයග්‍රහණය සදහා කඩුලු  7ක් අතැතිව තවත් ලකුණු 185ක් වාර්තා කල යුතුයි.

දෙවැනි ඉනිම තුලදී ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු පිතිකරුවන් ලකුණු 353කට දැවී ගිය අතර, අගනා  ඉනිමක් වාර්තා කල කුසල් මෙන්ඩිස් ලකුණු 176කින් ශ්‍රී ලංකා ඉනිමට තම දායකත්වය ලබා දුන්නේය. මෙම සුපිරි ඉනිමත් සමගින් කුසල් මෙන්ඩිස් කුසල් මෙන්ඩිස්  ඔස්ට්‍රේලියාවට එරෙහිව අඩුම වයසකින් ටෙස්ට් තරඟයකදී ලකුණු 150 සීමාව අභිබවා ගිය ලොව දෙවැනි පිතිකරුවා ලෙසත්  වාර්තා අතරට එක විය. තවද ඔහු ලකුණු 192 සීමා  පසුකලේ  නම් ඕස්ට්‍රේලියාවට  එරෙහිව ශ්‍රී ලංකික පිතිකරුවෙක් වාර්තා කල වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාවද බිද හෙලන්නට ඔහුට අවස්ථාව තිබිණි. එම වාර්තාවට හිමි කම් කියන්නේ හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර වන අතර ඔහු ඕස්ට්‍රේලියාවේ හෝබාර්ට් හිදී එම ලකුණු 192 වාර්තා කළේය.

ශ්‍රී ලංකා දෙවැනි ඉනිම ශක්තිමත් කරන්නට දිනේෂ් චන්දිමාල් ලකුණු 42කින් දායකත්වය ලබාදුන් අතර, ධනංජය ද සිල්වා ලකුණු 36 කින්ද , රංගන හේරත් ලකුණු 35කින්ද දායකත්වය ලබාදුන්නේය.

ඕස්ට්‍රේලියාව  වෙනුවෙන් පන්දු යැවීමේදී Starc  ලකුණු 84කට කඩුලු  4ක්  දවාගන්නට  සමත් විය .

ඊයේ දිනයේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ කදුළු දෙකක්ම ඉනිම ආරම්භයේදී දවා  ගන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන්  සමත් වූ අතර, ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ මුළු ලකුණු සංඛ්‍යාව 2ක්ව  තිබියදී, Warner දවාගන්නට   රංගන හේරත් සමත් වූ අතර, මුළු ලකුණු සංඛ්‍යාව 33දී  Khawaja  පිටියෙන් ඉවත් කරන්නට දිල්රුවන් පෙරේරා සමත් විය. අනතුරුව මුළු ලකුණු සංඛ්‍යාව 63 දී Burns පිටියෙන් ඉවත් කරන්නට සදකැන්  සමත් විය.

ලකුණු පුවරුව

ශ්‍රී ලංකාව පළමු ඉනිම 117 යි.

ඕස්ට්‍රේලියාව  පළමු ඉනිම 203 යි.

 

ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම - 353

ඕස්ට්‍රේලියාව දෙවැනි  ඉනිම කඩුලු තුනක් දැවී ලකුණු 83 යි

මේ වන විට තරගය  දෙපිලටම විවෘත තරගයක් බවට පත්ව ඇති අතර, අද (ජුලි 30) අවසන් දිනට පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනදී ආරම්භ වීමට නියමිතයි.


2 min read

Published

Updated

By Sanjaya Dissanayake



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now