SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර නිධන්ගත වකුගඩු රෝග නිවාරණය සඳහා අවබෝධතා ගිවිසුමක්. (SBS සිංහල/ වාර්තා)

Sri Lanka Politics
Source: ANSTO

1 min read

Published

By Madhura Seneviratne



Skip to article content

ඔස්ට්‍රේලියා න්‍යෂ්ඨික විද්‍යා සහ තාක්ෂණික සංවිධානය (ANSTO) සහ ශ්‍රී ලංකාවේ නිධන්ගත වකුගඩු රෝග නිවාරණය කිරීමේ ජනාධිපති කාර්ය සාධක බලකාය අතර අවබෝධතා ගිවිසුමක් අද (25/05) අත්සන් තැබිණි.

හේතු නොමැති නිධන්ගත වකුගඩු රෝග (CKDu) නිවාරණයට පිණිස සිදු කෙරෙන මෙහෙයුම් සඳහා සහයක් මෙමගින් සැපයීමට අපේක්ෂිතය.

2014 වසරේ ප්‍රකාශිත පාරිසරික සෞඛ්‍ය හා නිවාරක ඖෂධ ජර්නලයට අනුව මෙම රෝගය මිනිසුන් 100,000 කට පමණ වැලඳෙන අතර සෑම වසරකම පුද්ගලයින් 5,000 ක් පමණ මිය යයි.

දෙරට අතර මෙම අවබෝධතා ගිවිසුම ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සෝමසුන්දරම් ස්කන්දකුමාර් සහ ANSTO හි ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය Adi Paterson අත්සන් තැබුහ.

මෙම අත්සන් තැබීම අද (25/05) පෙරවරුවේ ඔස්ට්‍රේලියානු මධ්‍යම පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත්වුණු අතර එම අවස්ථාවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ ඔස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල් මහතා ද සහභාගී වී සිටියෝය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now