2023-24 සඳහා ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරිවලින් PR සහ රැකියා වීසා පිරිනමන නවතම කෝටාවන් මෙන්න

2023-24 වසරේ ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරි සඳහා වූ සංක්‍රමණික කෝටාවේ වෙනදා මෙන් මෙවරත් ඉහළම කෝටාව ලැබී ඇත්තේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයටය.

Australia announced 2023–24 state and territory visa nomination allocations

Australia announced 2023–24 state and territory visa nomination allocations Source: Getty / Kagenm/Getty

2023-24 මුල්‍ය වර්ෂය සඳහා ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරිවල සංක්‍රමණ වීසා කෝටාව ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

ඒ අනුව ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සෘජුව ලබාදෙන 190 වීසා සහ ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාපයක පූර්ණ කාලීන රැකියා කිරීමට අවසර ලැබෙන 491 වීසා යටතේ එක් එක් ප්‍රාන්තය සහ ටෙරිටරියට ලැබෙන වීසා ප්‍රමාණය දැක්වේ.

ඔස්ට්‍රේලියාවේ වාර්ෂික සංක්‍රමණ වීසා කෝටාව

2023-24 මුල්‍ය වර්ෂය සඳහා ඔස්ට්‍රේලියාවේ සම්පූර්ණ සංක්‍රමණික කෝටාව සහ ප්‍රාන්ත හා ටෙරිටරිවල සංක්‍රමණික වැඩසටහන් වෙනුවෙන් අදාළ සංක්‍රමණික කෝටාවන් ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව මේ වන විට ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව මෙවර ඔස්ට්‍රේලියාවේ සම්පූර්ණ සංක්‍රමණික කෝටාව 190,000 කි.

පසුගිය මුල්‍ය වර්ෂයේදී එම ප්‍රමාණය 195,000 ක් විය.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

Skilled වීසා සඳහා 142,400 ක්ව තිබූ කෝටාව 2023-24 මුල්‍ය වර්ෂය සඳහා 137,100 ක් දක්වා අඩු කර තිබේ.

එමෙන්ම 52,500 ක්ව පැවති Family වීසා කෝටාව මෙවරද වෙනස් නොකර එලෙසම පවතී.

2023-24 වසරේ ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරි සඳහා වූ සංක්‍රමණික කෝටාවන්

2023-24 වසරේ ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරි සඳහා වූ සංක්‍රමණික කෝටාවේ වෙනදා මෙන් මෙවරත් ඉහළම කෝටාව ලැබී ඇත්තේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයටය.

නව කෝටාව අනුව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ වීසා කෝටාව 4,150 කි.

මෙවරද දෙවැනි වැඩිම වීසා කෝටාව හිමිව ඇත්තේ වික්ටෝරියා ප්‍රාන්තයට වන අතර එය 3,300 කි.

2023-24 වසරේ ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරි සඳහා වූ සංක්‍රමණික කෝටාවන්ගෙන් හරි අඩක්ම පමණ හිමිව ඇත්තේ නිව් සවුත් වේල්ස් සහ වික්ටෝරියා ප්‍රාන්තවලටය.

ඒ ඒ ප්‍රාන්තයට හා ටෙරිටරියට 2023-24 වසර සඳහා හිමිවූ නවතම සංක්‍රමණික කෝටාව ප්‍රධාන වීසා ඛාණ්ඩ අනුව පහත පරිදි වේ.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය

  • 190 වීසා - 2,650
  • 491 වීසා - 1,500

වික්ටෝරියා ප්‍රාන්තය

  • 190 වීසා - 2,700
  • 491 වීසා - 600

බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තය

  • 190 වීසා - 1,500
  • 491 වීසා - 850

දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තය

  • 190 වීසා - 1,100
  • 491 වීසා - 1,200

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය

  • 190 වීසා - 900
  • 491 වීසා - 650

ටස්මේනියා ප්‍රාන්තය

  • 190 වීසා - 600
  • 491 වීසා - 600

Australian Capital Territory

  • 190 වීසා - 600
  • 491 වීසා - 600

Northern Territory

  • 190 වීසා - 250
  • 491 වීසා - 400


2 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now