SKIP TO MAIN CONTENT

Australia Awards 2019: ඕස්ට්‍රේලියානු මහා කොමසාරිස් කාර්යාල මගින් ලබා දෙන පුර්ණ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව (SBS සිංහල/ වාර්තා)

aus
Source: australia awards

2 min read

Published

Updated

By Charitha Adikari


Skip to article content

ඕස්ට්‍රේලියානු රජය විසින් ලබා දෙන මෙම Australia awards ශිෂ්‍යත්ව මගින්, මුලික උපාධි, පශ්චාත් උපාධි ,MBA හා ආචාර්ය උපාධි සදහා ශිශ්ය්ත්ව ලබා දේ. ඔස්ට්‍රේලියාවේ පහත විශ්ව විද්යාලයකින් මෙසේ ඉහල තත්වයේ පාටමාලාවක් සදහා අයදුම් කල හැක.

එම විශ්ව විද්‍ය්යල වන්නේ :

Australian National University

මොනෑෂ් විශ්ව විද්‍යාලය

සිඩ්නි විශ්ව විද්‍යාලය

ක්වීන්ස්ලන්ත විශ්ව විද්‍යාලය

නිව් සවුත් වේල්ස් විශ්ව විද්‍යාලය

මෙල්බන් විශ්ව විද්‍යාලය

ඇඩිලේඩ් විශ්ව විද්‍යාලය

Bond විශ්ව විද්‍යාලය

බටහිර ඕස්ට්‍රේලියානු විශ්ව විද්‍යාලය

Macquarie විශ්ව විද්‍යාලය

අවශ්‍ය සුදුසුකම්:

ඉතා ඉහල මට්ටමේ අධ්‍යාපනික දක්ෂතා මෙන්ම නායකත්වයද ප්‍රදර්ශනය කල හැකි විය යුතුයි. පාසල් අධ්‍යාපනයේ 50%ට වඩා වැඩි සාමාර්ථ ලැබුවන්ට අයදුම් කල හැකියි

ඕනෑම රටක පුරවැසියන්ට මේ සදහා අයදුම් කල හැකියි

අයදුම් කිරීම

  • සියලු අයදුම් පත් අන්තර්ජාලය හරහා අවශ්‍ය ලියකියවිලි සමග යොමු කල යුතුයි .
  • ඔබ එහිදී ලබා දෙන ඔබගේ email ලිපිනය හරහා සියලු සන්නිවේදන සිදු කෙරේ
  • ඔබගේ අධ්‍යාපන සහතික සියල්ල online අයදුම් පත්‍රය සමග ඉදිරිපත් කරන්න
  • Statement of purpose යනුවෙන් හැඳින්වෙන , ඔබට මේ ශිෂ්‍යත්වය අවශ්‍ය ඇයි යන කරුණ පිලිබදව ඔබ විස්තරයක් ලිව යුතුයි
  • සියලු ලියකියවිලි සමග ඉල්ලුම් පත අන්තර්ජාලය ඔස්සේ යොමු කරන්න 

 

පහත වෙබ් අඩවිය හරහා මේ ශිෂ්‍යත්ව පිළිබද වැඩිපුර තොරතුරු ලබා ගන්න

studyinaustralia.gov.au

Australia Awards

ඕස්ට්‍රේලියානු රජය විසින් පහත දැක්වෙන වැඩපිළිවෙල ඔස්සේ අන්තර්ජාතික සිසුන් හට ශිෂ්‍යත්ව ලබා දේ

 

Destination Australia

මෙමගින් සිසුන් 1000කට පමණ ඕස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය පෙදෙසක අධ්‍යාපනය ලැබීමට හැකියි. certificate 4 සිට ඉහලට අධ්‍යාපනය ලැබිය හැකි අතර සිසුන්ට ඩොලර් 15000ක දීමනාවක්ද ලැබේ 

Australian Government Research Training Program (RTP)

මීට පෙර පැවති IPRS නම් වැඩපිළිවෙල වෙනුවට මෙම ක්‍රමය මගින් කෙලින්ම විශ්ව විද්‍යාල හරහා ඔබට උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව ලබා ගත හැකි වේ 

Australia APEC Women in Research Fellowship

APEC රටවලින් පැමිණෙන දක්ෂතා සහිත කාන්තාවන් සදහා පිරිනැමේ

sbs
Source: SBS

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now