SKIP TO MAIN CONTENT

කොරෝනා නිසා ඉරානයේ සිට සෘජුව ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංචාරකයන්ට ඔස්ට්‍රේලියාවට ඇතුළු වීම තහනම් කෙරේ

Australia banned foreign visitors entering Australia from Iran to prevent the spread of the coronavirus
Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ඉරානයේ සිට සෘජුව ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංචාරකයන්ට ඔස්ට්‍රේලියාවට ඇතුළු වීම ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් තහනම් කර තිබේ.

කොරෝනා වයිරසය පැතිරී යාම වළක්වාලීමේ අරමුණින් මොරිසන් රජය මෙම පියවර ගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව යම් සංචාරකයෙකු ඉරානයේ සිට ඔස්ට්‍රේලියාවට පැමිණීමට අපේක්ෂා කරනවානම් එම පුද්ගලයා ඉරානයේ සිට කොරෝනා අවදානම රහිත වෙනත් රටකට ගොස් දින 14 ක් එහි ගතකොට ඔස්ට්‍රේලියාවට පැමිණිය යුතුය.

මාර්තු 01 වන දින මෙම නීතිය ක්‍රියාත්මක වේ.

මේ අතර ඔස්ට්‍රේලියානු පුරවැසියන්, ස්ථිර පදිංචිකරුවන් හෝ ඔවුන්ගේ සමීපතම පවුලේ සාමාජිකයින් ඉරානයට ගොස් නැවත ඔස්ට්‍රේලියාවට පැමිණීමේදී දින 14 ක නිරෝධායන කාලයක් අදාළ නිරෝධායන ස්ථාන වල සිට සිය නිවෙස් බලා යා හැකි බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය දන්වයි.

කොරෝනා වයිරසය නිසා ඉරානයේ සිදුවන මරණ සංඛ්‍යාව ශීග්‍රයෙන් ඉහළ යාම මෙම සංචාරක තහනමට ප්‍රධානතම හේතුව බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය Peter Dutton පවසයි.

මේ වන විට කොරෝනා වයිරසය ආසාදිත පුද්ගලයින් 388 ක් ඉරානයෙන් වාර්තා වන අතර මරණ 34 ක් වාර්තා වේ.

චීනය හැරුනුකොට කොරෝනා වයිරසය හේතුවෙන් ඉහළම මරණ සංඛ්‍යාවක් මේ වන විට වාර්තා වන්නේ ඉරනයෙනි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now