ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුව තුල සීමාවාසික පුහුණුව සදහා විදේශිකයින්ට අවස්ථාව ලබාදීම තහනම් කිරීමට යෝජනාවක් (SBS සිංහල/ වාර්තා)

Bunge la taifa, mjini Canberra, Australia

Bunge la taifa, mjini Canberra, Australia Source: Wikimedia

ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් යටතේ සීමාවාසික පුහුණුව සදහා විදේශිකයින්ට ලබාදෙන අවස්ථාවන් තහනම් කිරීමට යෝජනාවක් ඉදිරිපත් වී තිබේ. විදේශ රටවලින් ඕස්ට්‍රේලියානු දේශපාලන කටයුතු වලට සිදුවන බලපෑම අවම කිරීම සදහා මෙම පියවර ගෙන ඇති බව වැඩි දුරටත් සදහන්.

ඕස්ට්‍රේලියාවේ අභ්‍යන්තර කටයුතු සදහා චීනය අත පෙවීම පිලිබදව අගමැති මැල්කම් ටර්න්බුල් පසුගියදා චීනයට චෝදනා කර තිබු අතර, මෙම නව නීති චීනය හෝ වෙනත් කිසිදු රටක් විශේෂයෙන් ඉලක්ක කරගෙන රජය හදුන්වා නොදෙන බව ආරක්ෂක අමාත්‍ය Christopher Pyne සදහන් කරයි.

දැනට ක්‍රියාත්මක පවතින නීති වලට අනුව , මාස තුනක අදාල පුහුණු වැඩසටහනට ඕනෑම රටක තරුණ වයසේ පසුවන කෙනෙකුට, අපරාධ වලට වැරදිකරුවෙකු වී නැත්නම් ඒ සදහා අයදුම් කල හැකි බව සදහන්.

සෙනෙට් සභාවේ ප්‍රකාශක සෙනෙට් සභික  Scott Ryan, පවසන්නේ ඒ අනුව අදාල සීමාවාසික පුහුණුව නව නීති යටතේ ඕස්ට්‍රේලියානු පුරවැසි භාවය හිමි අයට පමණක් සිමාවන බවයි. චීනයෙන් සිදු වූ බලපෑම් නිසා මෙම පියවර ගත් බවට පලවන වාර්තා Scott Ryan මහතාද ප්‍රතික්ෂේප කර තිබේ.

Financial Times පුවත් පතෙන් හෙළිදරව්වක්

මේ අතර පසුගිය සැප්තැම්බර් මාසයේ Financial Times පුවත් පත පලකල ප්‍රවෘතියකට අනුව සදහන් වන්නේ, මෙලෙස ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුව තුල සීමාවාසික පුහුණුව ලැබූ නවසිලන්ත ජාතිකයෙකු චීන ආරක්ෂක ඔත්තු බැලීමේ පාසලක් සමගින් සබද කම් තිබු අයෙකු බවයි.  

මෙම මාධ්‍ය වාර්තා වලින් අනතුරුව අදාල සීමාවාසික පුහුණු වැඩසටහන සංශෝධනය කිරීමට රජය පියවර ගෙන ඇති අතර, මෙම වැඩසටහන සදහා දායකත්වය ලබාදෙන Australian National University (ANU), විශ්වවිද්‍යාලයටද  මෙම වෙනස්කම් පිලිබදව රජය දැනුම් දී ඇති බව එම විශ්ව විද්‍යාලයේ ප්‍රකාශිකාවක් SBS මාධ්‍ය ජාලයට ප්‍රකාශ කළේය.


2 min read

Published

Updated

By Sanjaya Dissanayake

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now