SKIP TO MAIN CONTENT

කැන්ගරුවන් ඇඩිලේඩ් ඕවල් ක්‍රීඩාංගනයේ දී ශ්‍රී ලංකාව පරදා ඔස්ට්‍රේලියාවට, ජය කැඳවයි.

AUS bs SL 20
Source: SBS

1 min read

Published

Updated

Source: espncricinfo



Skip to article content

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර ඇඩිලේඩ් ඕවල් ක්‍රීඩාංගනයේදී අද (22/02) පැවති තෙවන 20-20 තරගයෙන් ඔස්ට්‍රේලියාව ලකුණු 41 ක විශිෂ්ඨ ජයක් අත් කරගැනීමට සමත් විය.

කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක උපුල් තරංග, ඔස්ට්‍රේලියාවට පළමුවෙන් පන්දුවට පහර දීමට ආරාධනා කළේය.

ඒ අනුව පළමුව පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6 ක්දැවී ලකුණු 187 ක් ලබා ගත්තේය.

ඔස්ට්‍රේලියානු පිළ වෙනුවෙන් Michael Klinger ලකුණු 62 ක් ද නායක Aaron Finch ලකුණු 53 ක් ද Travis Head ලකුණු 30 ක්ද ලබා ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා පිල වෙනුවෙන් ලසිත් මාලිංග සහ දසුන් ශානක කඩුලු 2 බැගින් ලබා ගත්තේය.

ඒ අනුව මෙම තරගයෙන් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 188 ක් ලබා ගත යුතුව තිබුණි.

නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී ලබා ගත හැකි වුයේ ලකුණු 146 ක් පමණි.

තරගයේ වීරයා සම්මානය ඔස්ට්‍රේලියානු පිළේ ඇඩම් සැම්පා හටද තරගාවලියේ වීරයා සම්මානය ශ්‍රී ලංකාවේ අසේල ගුණරත්න හටද  හිමි විය.

ඒ අනුව තරග 3 කින් සමන්විත මෙම තරගාවලියේ 2-1 ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කිරීමට සමත් විය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now