SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකාවේ ඩෙංගු මඩින්න ඔස්ට්‍රේලියාවෙන් රුපියල් මිලියන 116ක ආධාර.

Sri Lanka
Julie Bishop meets with President Maithripala Sirisena of Sri Lanka Source: Julie Bishop Facebook

1 min read

Published

Updated

By Madhura Seneviratne



Skip to article content

ශ්‍රී ලංකාවේ ඩෙංගු වසංගතය මර්දනය කිරීමට ඔස්ට්‍රේලියාවේ Monash  විශ්ව විද්‍යාලයත් සමග එක්ව සිදු කරන පර්යේෂණයකට රුපියල් මිලියන 116ක ආධාර සැපයීමට ඔස්ට්‍රේලියානු විදේශ ඇමතිනී  Julia Bishop මහත්මිය  ඊයේ (19/07) ප්‍රකාශ කර තිබේ.

ශ්‍රී ලංකාවේ ඩෙංගු රෝගය මැඩලීම සඳහා ඔස්ට්‍රේලියාවේ සහය ලබා දීමේ අරමුණින් ඇය ඊයේ දිනයේ ශ්‍රී ලංකාවට පැමිණි අතර ඊයේ විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතාව මුණගැසුනු බව වාර්තා වේ.

ඒ අනුව Wolbachia  නමැති බැක්ටීරියාව උපයෝගී කරගනිමින් ශ්‍රී ලංකාවේ මදුරු ගහනය අඩු කර ඩෙංගු බෝවීමේ අවදානම අඩු කිරීමට මෙම ව්‍යාපෘතිය හරහා ඉලක්ක කෙරේ.

සීකා සහ චිකුන්ගුන්යා නමැති මදුරුවන්ගෙන් බෝවන රෝග මර්දනය කිරීමටද මෙම බැක්ටීරියාවට හැකි බව පැවසේ.

අදාළ බැක්ටීරියාව බ්‍රසීලය, කොලොම්බියාව, වියට්නාමය, ඉන්දියාව සහ ඇතැම් පැසිෆික් කලාපීය රටවල සාර්ථකව අත්හදා බලා ඇති බව Julia Bishop මහත්මිය  ඊයේ කොළඹදී පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළාය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now