ශීත ඍතුවේදී COVID පැතිරීම වැළක්වීම සඳහා ඔස්ට්‍රේලියාව 5 වන කොවිඩ් එන්නතක් ගැන සළකා බලයි

මේ ගෙවී යන සතියේ ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

Wet Weather Continues In Sydney

Pedestrians walk across Park St in the Sydney CBD . Credit: Don Arnold/Getty Images

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සහ ප්‍රාන්ත රජයන් එළඹෙන ශීත ඍතුවේ දී COVID-19 රෝගීන් සඳහා සූදානම් වෙමින් සිටින බව මධ්‍යම රජයේ සෞඛ්‍ය අමාත්‍ය Mark Butler පැවසීය.

"අපි අප්‍රේල්, මැයි සහ ජූනි මාසවලට ඉදිරියේදී පැමිණෙන නිසා උතුරු අර්ධගෝලය දැන් මුහුණ දෙන තත්ත්වයට මුහුණ දීමට නියමිත බැවින් අතිරේක බූස්ටර මාත්‍රාවක් ගැන මුලින්ම සිතිය යුතුයි," ඔහු ABC පුවත් වෙත පැවසීය.

මධ්‍යම රජය ප්‍රතිශක්තිකරණය පිළිබඳ ඔස්ට්‍රේලියානු තාක්ෂණික උපදේශක කණ්ඩායම (ATAGI) වෙතින් පස්වන මාත්‍රාව පිළිබඳ උපදෙස් බලාපොරොත්තුවෙන් සිටින බව ද සෞඛ්‍ය අමාත්‍ය Butler සඳහන් කළේය.

පස්වන මාත්‍රාව දැනටමත් දැඩි ලෙස ප්‍රතිශක්තිකරණය හීනවූ වැඩිහිටියන්ට ලබා ගත හැකිය. කෙසේ වෙතත්, ATGAI විසින් තවත් පුද්ගලයින් එම ඛාණ්ඩයට ඇතුළත් කිරීම සඳහා නිර්ණායක පුළුල් කිරීමට නිර්දේශ කළ හැක.

ලබන මාසයේ ඔස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිත ගෝලීය LGBTIQ+ උත්සවයක් වන Sydney WorldPride 2023 සඳහා සහභාගී වන සහභාගිවන්නන්ගෙන් සෞඛ්‍ය අමාත්‍ය Butler, mpox එන්නත ගැනීම පිළිබඳ සලකා බලන ලෙස ඉල්ලා සිටියේය.

දින 17ක් පුරාවට 500,000කට වැඩි පිරිසක් මෙම සැමරුම් උත්සවයට සහභාගි වනු ඇතැයි රජය විශ්වාස කරයි.

සාද සමය පිරී ඉතිරී යන විට, mpox (කලින් monkeypox ලෙස හැඳින්වූ) රෝගීන් වැඩිවීමේ හැකියාවක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

NSW Health සිකුරාදා සතිපතා COVID-19 රෝගීන්ගේ 32.5% ක අඩුවීමක් වාර්තා කළේය.

තවමත් වඩාත්ම සම්ප්‍රේෂණය විය හැකි කොවිඩ් උප ප්‍රභේදය ලෙස XBB.1.5 විස්තර කර ඇති නමුත් දැනට NSW ප්‍රාන්තයේ ආසාදන වැඩි නොවන බව NSW Health පැවසීය.

බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ COVID-19 වසංගත කළමනාකරණය සහ ප්‍රතිචාරය සමාලෝචනය කිරීම සඳහා ස්වාධීන විශේෂඥයින් තිදෙනෙකු පත් කර ඇත.

මේ අතර තම ප්‍රාන්තයේ සිව්වන COVID-19 රැල්ල දැන් නිල වශයෙන් අවසන් වී ඇති බව ක්වීන්ස්ලන්තය පැවසීය.

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ප්‍රජා සම්ප්‍රේෂණ මට්ටම අඩු මට්ටමක පවතින බව වැඩබලන අගමැති සහ සෞඛ්‍ය අමාත්‍ය Steven Miles පැවසුවේය.

ක්වීන්ස්ලන්ත විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් විසින් COVID-19 වයිරසය සහ මාරාන්තික බැක්ටීරියා විනාශ කළ හැකි මතුපිට දියර ඉසිනක් නිපදවා ඇත.

ඔස්ට්‍රේලියාවේ ඖෂධ හා චිකිත්සක අධිකාරිය විසින් commercial cleaning හෙවත් වාණිජ පිරිසිදු කිරීම සඳහා තක්සේරු කරන ලද මෙම දියර ඉසිනය, පැය 24 ක් සඳහා ඵලදායීව පැවතිය හැකිය.

ඔස්ට්‍රේලියානු පර්යේෂණ සංවිධාන පහක් සහ කර්මාන්ත හවුල්කරුවන් දෙදෙනෙක් COVID-19 සඳහා ප්‍රතිවයිරස් ඖෂධයක් සඳහා කටයුතු කරමින් සිටිති.

මෙම ප්‍රතිවයිරස් ඖෂධය මිනිස් සෛල තුළ ගුණනය වන සියලුම Omicron ප්‍රභේද අවහිර කිරීමට බලාපොරොත්තු වේ. සායනික පරීක්ෂණ මේ වසරේ ආරම්භ කිරීමට බලාපොරොත්තු වේ.

චීනයේ COVID-19 රෝගීන් දිනකට මිලියන 4.8 දක්වා ඉහළ යා හැකි අතර ජනවාරි 13-27 අතර මරණ 36,000 දක්වා ඉහළ යා හැකි බව ස්වාධීන පුරෝකථන ආයතනයක් වන Airfinity විශ්වාස කරයි.

චීනයේ ග්‍රාමීය ප්‍රදේශවල COVID වේගයෙන් ව්‍යාප්ත වීම පිළිබඳව චීන ජනාධිපති Xi Jinping කනස්සල්ල පළ කර තිබේ.

ඔස්ට්‍රේලියාවේ ඒ ඒ ප්‍රාන්තයේ සහ ටෙරිටරියේ Long COVID සායන ඇති ස්ථාන මෙතනින් සොයාගන්න

ACT  New South Wales  Northern Territory Queensland

South Australia Tasmania  Victoria  Western Australia

ඔස්ට්‍රේලියාවේ ඒ ඒ ප්‍රාන්තයේ සහ ටෙරිටරියේ COVID-19 පරීක්ෂාකරන ස්ථාන මෙතනින් සොයාගන්න

ACT New South Wales Northern Territory Queensland

South Australia Tasmania Victoria Western Australia


Share

3 min read

Published

By Madhura Seneviratne

Source: SBS




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now