ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය පිලිබඳ සමාලෝචනයක් (වාර්තා/ SBS සිංහල)

පරාජිත එංගලන්ත සංචාරයෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මුහුණ දෙන මෙම තරගාවලිය ශ්‍රී ලංකාවේදී පැවත්වුනද , ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවැත්වෙන මෙම තරගාවලිය ජයග්‍රහණ කිරීම ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතා අභියෝගාත්මක කාරණයක් වනු ඇති.

Sri Lankan cricket captain Angelo Mathews, left, and Australian cricket captain Steven Smith

Sri Lankan cricket captain Angelo Mathews, left, and Australian cricket captain Steven Smith Source: AAP_AP_Eranga_Jayawardena

දීර්ඝ සංචාරයක් සදහා ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම මේ වන විට ශ්‍රී ලංකාවට ගොස් ඇති අතර, ටෙස්ට් තරග තුනක්, එක දින තරග පහක් සහ 20-20 තරග 2ක් මෙම සංචාරය යටතේ දෙරට අතර පැවැත්වීමට නියමිතයි.  පරාජිත එංගලන්ත සංචාරයෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මුහුණ දෙන මෙම තරගාවලිය ශ්‍රී ලංකාවේදී පැවත්වුනද , ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවැත්වෙන මෙම තරගාවලිය ජයග්‍රහණ කිරීම ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතා අභියෝගාත්මක කාරණයක් වනු ඇති. ශ්‍රී ලංකාවේ තණතීරු වලදී පන්දුවට පහරදීම සදහා සුදානම් වීමට තරගාවලියට පෙර, ඕස්ට්‍රේලියානු පිතිකරුවන් කීප දෙනෙකු, බ්‍රිස්බේන් නුවරදී හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක තිලාන් සමරවීර යටතේ පුහුණුව ලැබූ බව සදහන්. තවද මේ දිනවල ශ්‍රී ලංකාවේදී තම පුහුණුවීම් වල නිරත වන ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ දග  පන්දු යැවීමේ උපදේශකයෙකු වශයෙන් හිටපු සුපිරි දග පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් කටයුතු කරන බවද සදහන්. මෙලෙස ඕස්ට්‍රේලියාව මෙම තරගාවලිය ජයගැනීමට ඇති සියලුම තුරුම්ම්පු මෙම සංචාරයේදී භාවිත කරන නිසා , ශ්‍රී ලංකාවට මෙම තරගවලිය ජයගැනීමට නම්, ඉතා ඉහල ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කල යුතු වනවා. ප්‍රමුඛ පෙලේ වේග පන්දු යවන්නන් කීප දෙනෙකුම අබාධ වලට ලක්ව තිබීම මෙම තරවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රධාන අභියෝගයක් වනු ඇති.

වේග පන්දු යවන්නන් අබාධ වලට ලක්වීම ශ්‍රී ලංකා කණ්ඩායමට අවාසි සහගත තත්වයක්

වේග පන්දු යවන ක්‍රීඩක ධම්මික ප්‍රසාද් උරහිසේ අබාධයකට ලක්ව ඇති අතර, ඔහුට ටෙස්ට් තරගාවලිය අහිමි වනු ඇති බව සදහන්. දුෂ්මන්ත චමීර සහ සුරංග ලක්මාල් ද මේ වනවිට අබාධ වලට ලක්ව සිටින අතර, තරගාවලිය පෙර ඔවුන්ගේ ශාරීරික යෝග්‍යතාවය පරික්ෂා කිරීමෙන් අනතුරුව ඔවුන්ගේ සහභාගිත්වය පිළිබද තීරණයක් ගැනීමට නියමිතයි. ශමින්ද එරංග ගේ පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්දයෙන් ඇතිව තිබෙන අර්බුධකාරී වාතාවරණය හේතුවෙන් දැනට ශ්‍රී ලංකා කණ්ඩායමට ස්ථිර වශයෙන්ම වේග පන්දු යවන්නෙකු ලෙස දායකත්වය ලබාගත හැක්කේ නුවන් ප්‍රදීප් ගෙන් පමණි. මෙලෙස අබාධ තත්වයන් සමගින් ශ්‍රී ලංකා කණ්ඩායම තේරීම ඉතා අසීරු අභියෝගයක් වනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසුරිය මහතා පසුගියදා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබිණි. මෙවැනි අසිරි වාතාවරණයක් හමුවේ, ශ්‍රී ලංකා A කණ්ඩායමේ දස්කම් අතර සිටින ක්‍රීඩකයින් වෙත අවධානය යොමුකිරීමට තමන් ඇතුළු තේරීම් කමිටුව බලාපොරොත්තු වන බව සනත් ජයසුරිය පවසයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ අංශය ශක්තිමත්

ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යැවීමේ බල ඇණියේ දුර්වලතා තිබුනද, ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ අංශය පිළිබද සෑහීමට  පත් විය හැකි බව තේරීම් කමිටු සභාපති සනත් ජයසුරිය සදහන් කරයි. කුසල් මෙන්ඩිස්, කෞෂාල් සිල්වා, දිනේෂ් චන්දිමාල් සහ නායක ඇන්ජලෝ මැතිව්ස් වැනි පිතිකරුවන් සමග ශ්‍රී ලංකා කණ්ඩායමට ශක්තිමත් පිතිකරණ අංශයක් ඇති බව ඔහුගේ මතය වී තිබේ.  දිනේෂ් චන්දිමාල් තරගාවලිය තුල කඩුලු  රකින්නා වශයෙන් කටයුතු කරනු ඇති බවත්, කුසල් පෙරේරා ටෙස්ට් තරගාවලිය තුල මැදපෙළ පිතිකරුවෙක් වශයෙන් කටයුතු කරනු ඇති බවත් සදහන්.

දීර්ඝ විරාමයකට පසු ටෙස්ට් තරග වලට සහභාගී වීම ඕස්ට්‍රේලියාවට අභියෝගයක්

දීර්ඝ විරාමයකට පසුව රතු පැහැති  පන්දුව සමගින් ටෙස්ට් තරගාවලියට සහභාගිවීම තමන් ඇතුළු ඕස්ට්‍රේලියානු කණ්ඩායම හමුවේ ඇති ප්‍රධාන අභියිගයක් බව ඕස්ට්‍රේලියානු පිතිකරු Usman Khawaja ප්‍රකාශ කර තිබේ. අවසන් වතාවට ඕස්ට්‍රේලියාව  නවසීලන්තය සමගින් පසුගිය පෙබරවාරි මාසයේ ටෙස්ට් තරගාවලියකට සහභාගී වූ අතර, ඉන් අනතුරුව එක්  දින සහ විස්සයි විස්ස තරග වලට සහභාහි වූ ඕස්ට්‍රේලියානු කණ්ඩායම ටෙස්ට් තරගාවලියකට සහභාගී වන්නේ දීර්ඝ කාලයකට පසුව වන අතර, ශ්‍රී ලංකාව තුල පවතින දේශගුණයට හුරුවීමද  තම කණ්ඩායමට අභියෝගයක් වනු ඇති බව Khawaja  පවසයි.

ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා ක්‍රිකට් ඉතිහාසයෙන්

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව ශ්‍රී ලංකාව තුලදී ටෙස්ට් තරග 13කට සහභාගී වී ඇති අතර ඉන් ශ්‍රී ලංකාව ජයගෙන ඇත්තේ එක තරගයක් පමණි. තරග 6ක ජය ඕස්ට්‍රේලියාවට  හිමිවී ඇති අතර, තරග 6ක් ජය පැරදුමෙන් තොරව නිමාවට පත් වී තිබේ.

දෙරට අතර එක් දින තරග 25ක් ශ්‍රී ලංකාවේදී පවත්වා ඇති අතර ඉන් 13 ක ජය ශ්‍රී ලංකාවටද, 9 ක ජය ඕස්ට්‍රේලියවටද  හිමිව තිබේ.

තරග කාලසටහන

පළමු ටෙස්ට් තරගය - ජුලි 26-30 - පල්ලෙකැලේ

දෙවන ටෙස්ට් තරගය - අගෝස්තු 4-8 ගාල්ල

තුන්වන  ටෙස්ට් තරගය - අගෝස්තු 13-17 - SSC

පළමු එක්  දින තරගය - අගෝස්තු 21 - R ප්‍රේමදාස ක්‍රීඩාංගනය - කොළඹ

දෙවන  එක්  දින තරගය - අගෝස්තු 24 - R ප්‍රේමදාස ක්‍රීඩාංගනය - කොළඹ

තුන්වැනි   එක්  දින තරගය - අගෝස්තු 28 -  දඹුල්ල

සිව්වැනි එක්  දින තරගය - අගෝස්තු 21 -  දඹුල්ල

පස්වැනි එක්  දින තරගය -  සැප්තැම්බර් 4 - පල්ලෙකැලේ

පළමු 20-20 තරගය - සැප්තැම්බර් 6 - පල්ලෙකැලේ

දෙවන  20-20 තරගය - සැප්තැම්බර් 9 - R ප්‍රේමදාස ක්‍රීඩාංගනය - කොළඹ


4 min read

Published

Updated

By Sanjaya Dissanayake



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now