ජනවාරි 26 ඕස්ට්‍රේලියා දිනය ලෙස සැමරීම ආදිවාසී ජනයාට මතබේදාත්මක නොවන බව NSW බහු සංස්කෘතික අමාත්‍යවරයා පවසයි (SBS සිංහල /වාර්තා)

protest

Source: ABC Australia

ඕස්ට්‍රේලියා දිනය ආදී වාසී ප්‍රජාවන් අතරේ ආන්දෝලනාත්මක බවට පත්ව නැති බවට තමා සිතන බවට නිව් සවුත් වේල්ස් බහු සංස්කෘතික කටයුතු පිලිබඳ අමාත්‍ය John Ajaka පවසයි. මේ වන විට ජනවාරි 26 වැනිදා ඕස්ට්‍රේලියා දිනය ලෙස සැලකීම පිළිබඳව නොයෙක් මත ඉදිරිපත් වන අතර අබෝරිගිනල් ජනයාගෙන් ඊට විවේචන එල්ල වී තිබේ

වසර 1788 දී නිව් සවුත් වේල්ස් වෙත පැමිණි ප්‍රථම ඉංග්‍රීසි නවුකා ගොඩ බැසීමේ දිනය මුල් කර ගෙන ඕස්ට්‍රේලියා දිනය නම් කර තිබේ. සමහරුන් එය invasion day හෙවත් ආක්‍රමණ දිනය ලෙසද හඳුන්වයි

Ajaka මහතා පවසන්නේ එම දිනය සියලු දෙනාගේම දිනයක් බවයි.ඔහු බොහෝ ආදී වාසි නායකයන් සමග කතා බහ කරන විට ඔවුන් ඒ දිනය සැමරීමට සතුටින් සහභාගී වන බව ඔහු පවසනවා.

John Ajaka
Minister John Ajaka Source: ABC Australia

ආදිවාසී නායකයන්ගේ විවේචන

නමුත් Indigenous Social Justice Association හි Ken Canning , Binjara පසුබිමක් සහිත පුද්ගලයෙක්. ඔහු පවසන්නේ අමාත්‍යවරයා බොළඳ ලෙස අදහස් ප්‍රකාශ කර ඇති බවයි. මෙම දිනය ආක්‍රමණ දිනයක් ලෙස සැමරිය යුතු බවත් එය කෘර ලෙස නොකළ යුතු බවත් ඔහු පවසනවා. ආදී වාසින් ලෙස ඔවුන්ගේ අදහසටත් ඉඩක් තිබිය යුතු බව ඔහු පවසනවා. එසේම නිව් සවුත් වේල්ස් හි ඕස්ට්‍රේලියා දිනය පිලිබඳ තානාපතිවරයකු වන මාධ්‍යවේදී Peter Greste පවසන්නේ මෙම දිනය පිලිබඳ කතිකතාවක් ඇති කිරීම අවශ්‍ය බවයි

පසුගිය නොවැම්බර් මස බටහිර ඕස්ට්‍රේලියාවේ Fremantle හි ඕස්ට්‍රේලියා දින සැමරුම් අත් හිටුවා ඊට දින 2කට පසුව එය වඩා සංස්කෘතිකමය ලෙස සැමරීමට තීරණය කර තිබේ. Ajaka මහතා පවසන්නේ ඕස්ට්‍රේලියාවේ ආදීවාසී උරුමය මෙවර සැමරුම් වල මුල් තැනක් ගන්නා බවත් , ගිනි කෙලි , Opera House හි ප්‍රසංගයක් ද ඊට අයත් වන බවයි.

දිනය පිලිබඳ විවිද මත

පසුගිය සතියේදී වාර්ෂික ඕස්ට්‍රේලියා දිනයේ lamb ආහාරයට ගැනීමට උන්නදු කරන වෙළඳ දැන්වීමේ මෙවර දැන්වීම ඇතැම් ආදිවාසී පුග්ලයින් විසින් ලැජ්ජාසහගත බවට විවේචනය් කර තිබිණ. පහත දැක්වෙන එම වෙළඳ දැන්වීමෙන් පසුගිය සිය වස් 3 ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වුවන් පිලිබඳ විනෝදාත්මක ලෙස කරුණු ඉදිරිපත් කොට තිබේ.


Share

2 min read

Published

Updated

By Charitha Adikari

Source: ABC Australia




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now