SKIP TO MAIN CONTENT

ඖෂධීය කංසා අපනයනයෙන් ලොව ප්‍රමුඛයා බවට පත්වීමට ඔස්ට්‍රේලියාව සූදානම් වේ.

medicinal cannabis
medicinal cannabis Source: AAP

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ඔස්ට්‍රේලියාවේ නිෂ්පාදනය කරනු ලබන ඖෂධීය කංසා අපනයනය කිරීම පිළිබඳ රාජ්‍ය අනුමැතිය හිමිවන්නේ ඒවා අවශ්‍ය ඔස්ට්‍රේලියානු රෝගීන් හට දේශීය සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ නිසි තොග තිබියහොත් පමණක් බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt පවසයි.

ඒ අනුව ඔස්ට්‍රේලියාවේ රෝගීන් සඳහා නියමිත ප්‍රමාණ වලින් ඖෂධීය කංසා පවත්වාගෙන යාම ඖෂධීය කංසා අපනයනය සඳහා බලපත්‍රයක් ලබා ගැනීම සඳහා අත්‍යවශ්‍ය කොන්දේසියක් බව ද අමාත්‍යවරයා පැවසුවේය.

පිළිකා සඳහා විකිරණ ප්‍රතිකාර ඇතුළු ඇතැම් නිධන් ගත රෝග සඳහා දැනට ලබා දෙන ප්‍රතිකාර වෙනුවට ඖෂධීය කංසා ප්‍රතිකාර ලෙස ලබා දීම 2016 වසරේදී ඔස්ට්‍රේලියාව තුළ නීතිගත කෙරිණි.

මේ අතර ඖෂධීය කංසා අපනයනයෙන් ලොව ප්‍රමුඛයා බවට ඔස්ට්‍රේලියාව පත් කිරීම තම රජයේ අරමුණ බවද සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt, ABC  පුවත් වෙත පැවසීය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now