ඔස්ට්‍රේලියාවට ලබන වසරේදී ආර්ථික අවපාතයක්? (SBS සිංහල/වාර්තා)

ඔස්ට්‍රේලියාව අවසන් වරට ආර්ථික අවපාතයකට මුහුණ දුන්නේ 1991 වසරේ මුල් භාගයේදී වන අතර එහිදී ප්‍රථම කාර්තු දෙකෙහිම දළ ජාතික නිෂ්පාදිතය පහත වැටුණි.

Australian Dollar

Source: Shutterstock

ලබන වසරේදී ඔස්ට්‍රේලියාවේ නිවෙස් තුළ වර්ධනය වන ආර්ථික අවපාතයක් ඇති වීමට තුනෙන් එකක සම්භාවිතාවක් පවතින බව ලොව ප්‍රමුඛ පෙළේ මුල්‍ය වෙළෙඳ පොළ උපාය මාර්ගිකයෙකු වන Minack Advisors ආයතනයේ Gerard Minack පවසයි.

අසංවිධිත ප්‍රාන්තවල ගෘහස්ථ බලශක්ති වෙළෙඳ පොළ මෙම අවදානම තවත් උත්සන්න කරන බවද ඔහු පෙන්වා දෙයි.

ඔස්ට්‍රේලියාව අවසන් වරට ආර්ථික අවපාතයකට මුහුණ දුන්නේ 1991 වසරේ මුල් භාගයේදී වන අතර එහිදී ප්‍රථම කාර්තු දෙකෙහිම දළ ජාතික නිෂ්පාදිතය පහත වැටුණි.

ඔස්ට්‍රේලියාවේ පතල් කර්මාන්තයේ පසු බැස්ම මෑතකදී සිදු වන නිවාස වෙළෙඳ පොළේ ඉහළ යාම නිසා මැකී ගියද එහි පැහැදිලි අනාගතයක් නොමැති බවද ඔහු පවසයි.

ඔස්ට්‍රේලියාවේ පතල් කර්මාන්තයේ පසුබැස්ම, ආර්ථික අවපාතයක් වෙත රට යොමු නොකළ අතර 2018 වසර වන විට ඔස්ට්‍රේලියාවේ නිවාස වෙළෙඳ පොළෙහි වර්ධනයද අඩු වන බව Gerard Minack පෙන්වා දෙයි.

ඉහළ නගින බලශක්ති පිරිවැය හේතුවෙන් ව්‍යාපාර ආයෝජනයන් හට ද ඉදිරියේදී හානි සිදුවිය හැකි බව ඔහු පවසයි.

මෙහිදී ප්‍රධාන ගැටලුව වන්නේ පතල් කර්මාන්තයට අදාළ නොවන අනෙක් ආයෝජන වලින් ඇතිවී ඇති රික්තය නොපිරවීමය.

2014 මැද භාගයේදී සම්පත් වල ක්ෂණික ඉහළ නැගීම සිදු වීමට පෙරාතුව පහතට ඇද වැටුණු ප්‍රාන්ත වල ව්‍යාපාර ආයෝජන හොඳ මට්ටමක තිබුණු බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය පවසයි.

ඔස්ට්‍රේලියාවෙන් අපනයනය කරනු ලබන LNG හේතුවෙන් ගෝලීය ගෑස් මිල පහළ යාමට ඉඩ ඇති නමුත් ඒ හේතුව නිසා මෙරට ගෘහස්ත ගෑස් මිල ඉහළ යනු ඇත.

නිවාස වෙළෙඳ පොළ පහළ වැටෙන විටම පතල් කර්මාන්තයට සම්බන්ධ නොවන ආයෝජන ද දුර්වල වුවහොත් 2018 වසරේදී ආර්ථික අවපාතයක් හටගනු නියත බව Minack Advisors ආයතනයේ Gerard Minack පවසයි.


2 min read

Published

Updated

By Madhura Seneviratne

Source: ABC Australia




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now