කාන්තාවන්ගේ ආරක්ෂාව, බන්ධනාගාරගත කිරීම් සහ වැටුප් විෂමතා අතින් ඔස්ට්‍රේලියාව පහළ තත්ත්වයක සිටින බව හෙළිවේ. (SBS සිංහල / වාර්තා)

රාත්‍රී කාලයේදී තනිව ගමන් කිරීමේදී තමන්ට නිසි ආරක්ෂාවක් නොමැති බව හැඟෙන බව සමීක්ෂණයට සහභාගී වූ ඔස්ට්‍රේලියානු කාන්තාවන් අඩකටත් වඩා වැඩි පිරිසක් පවසා තිබුණි. එම

women's safety

Source: Flickr

කාන්තාවන්ගේ ආරක්ෂාව සහ ආදායම් තත්ත්වය මෙන්ම තවත් වැදගත් සමාජ ගැටළු සම්බන්ධව අන් OECD හෙවත් ආර්ථික සහයෝගීතාව සහ සංවර්ධනය සඳහාවන සංවිධානයට අයත් රටවලට වඩා ඔස්ට්‍රේලියාව පහළ මට්ටමක සිටින බව ඔස්ට්‍රේලියාව සඳහා වූ ප්‍රජා කවුන්සිලයේ වාර්තාවක් පෙන්වා දෙයි.

ප්‍රධාන වටිනාකම් සහ ඉලක්ක සඳහා ප්‍රමුඛතා ලබා දෙන්නේ කෙසේද යන්න මැනීමට පුණ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන 60කට වඩා සහභාගී කර ගනිමින් මෙම වාර්තාව සකසා තිබේ.

OECD රටවල් සමග සංසන්දනය කිරීමේදී ඔස්ට්‍රේලියාව බොහෝ අංශ වලින් පසුබෑමකට ලක්ව ඇති බව පෙනේ.

රාත්‍රී කාලයේදී තනිව ගමන් කිරීමේදී තමන්ට නිසි ආරක්ෂාවක් නොමැති බව හැඟෙන බව සමීක්ෂණයට සහභාගී වූ ඔස්ට්‍රේලියානු කාන්තාවන් අඩකටත් වඩා වැඩි පිරිසක් පවසා තිබුණි. එම අගය OECD සාමාන්‍ය අගය වන 60.6% ට වඩා අඩුය.

නමුත් රාත්‍රී කාලයේදී තනිව ගමන් කිරීමේදී තමන් ආරකෂා සහිත බව 80%ක ප්‍රමාණයක ඔස්ට්‍රේලියානු පිරිමින් පවසා තිබේ.

මෙමගින් පිරිමි සහ ගැහැණු පාර්ශවයන් අතර වැදගත් වූ සම්බන්ධතාවක් පිළිබිඹු කෙරෙන බවත් ඒ සඳහා වන හේතු කාරණා සාකච්ඡාවට බඳුන් කළ යුතු බවත් ඔස්ට්‍රේලියාව සඳහා වූ ප්‍රජා කවුන්සිලයේ සභාපති Tim Costello පැවසීය.

අපගේ භාර්යාවන් සහ දියණියන් හට එවැනි බියක් ඇති වන්නේ ඇයි දැයි පිරිමින් වශයෙන් අපි සොයා බැලිය යුතු බව ඔහු පවසයි.

ගැහැණු හා පිරිමි අතර වැටුප් වල වෙනසද ප්‍රධාන ගැටලුවක් ලෙස මෙම වාර්තාව පෙන්වා දෙයි.

ඔස්ට්‍රේලියානු කාන්තාවන් පිරිමින්ට වඩා 17.3%ක අඩු වැටුපක් ලබන බව ඔස්ට්‍රේලියාව සඳහා වූ ප්‍රජා කවුන්සිලය පෙන්වා දෙයි.

නමුත් අනෙකුත් OECD රටවල් සමග සැසඳීමේදී පාර්ශව දෙක අතර සේවා යෝජකත්වය ඉතා ඉහළ අගයක පවතින බව දැක්වෙයි.

ඔස්ට්‍රේලියානු කාන්තාව, පිරිමි පාර්ශවයේ තත්ත්වයට ගැනීමට විශාල වැඩ කොටසක් කිරීමට සිදුවන බවද Tim Costello පැවසීය.

බන්ධනාගාරගත කිරීම් වැඩිවීම සහ අධ්‍යාපන සංඛ්‍යාලේඛන පිළිබඳ කණගාටුදායකයි.

ඔස්ට්‍රේලියාවේ බන්ධනාගාරගත කිරීම් වසරකට 6% බැගින් වැඩි වන බව පෙන්වා දෙන මෙම වාර්තාව පවසන පරිදි ඔස්ට්‍රේලියාවේ බන්ධනාගාරගත කිරීම් අයර්ලන්තයේ ප්‍රමාණයට වඩා තුන්ගුණයකින්  වැඩිය.

වයස අවුරුදු 15-74 අතර ඔස්ට්‍රේලියානුවන්ගෙන් සෑම පස් දෙනෙකුගෙන්ම එක් අයෙකු ද්විතීය අධ්‍යාපනය සම්පූර්ණ කර නොමැති බවද මෙම වාර්තාව පෙන්වා දෙයි.

ඔස්ට්‍රේලියානුවන් ස්වේච්ඡා සේවා වල අඩුවෙන් නිරත වන බවත් විදේශීය සහන සංවිධාන වලට අඩු මුදලක් යවන බවත් වාර්තාව මගින් අනාවරණය කර තිබේ.

නමුත් අනෙක් OECD රටවල් සමග සංසන්දනය කිරීමේදී සේවායෝජකත්වය, අධ්‍යාපන මට්ටම් සහ ව්‍යාපාර පිළිබඳ විශ්වාසය යන අංශ වලින් ඔස්ට්‍රේලියාව ඉහළින් සිටින බවද සඳහන්. 


2 min read

Published

Updated

By Madhura Seneviratne

Source: ABC Australia




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now