SKIP TO MAIN CONTENT

COVID 19 update 11 August: ඔස්ට්‍රේලියාව rapid antigen පරීක්ෂණ කට්ටල සැපයුම්කරුවෙකුට ඩොලර් 66,600 ක දඩයක්

2022 අගෝස්තු 11 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

COVID19 RAT TEST DELIVERY
TGA said 2San Pty Ltd allegedly failed to provide information within the specified timeframe to demonstrate the ongoing minimum level of sensitivity of two COVID-19 RATs. (file) Source: AAP / JOEL CARRETT/AAPIMAGE

2 min read

Published

Source: SBS



Skip to article content

Highlights

ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවෙන් කොවිඩ් මරණ 50 ක් වාර්තා වී ඇති අතර නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 29 ක්ද, ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 11 ක්ද ඊට ඇතුලත්වේ.

ඔස්ට්‍රේලියාවේ නව කොවිඩ් ආසාදිතයින්, රෝහල්ගතවීම් සහ කොවිඩ් මරණ සඳහා නවතම COVID-19 දත්ත මෙතැනින් ලබාගත හැකිය.

Rapid antigen පරීක්ෂණ කට්ටල දෙකක සංවේදීතාවයේ අවම මට්ටම පෙන්නුම් කිරීම පිළිබඳ තොරතුරු සැපයීමට අපොහොසත් වීම නිසා ඔස්ට්‍රේලියානු ඖෂධ හා චිකිත්සක නියාමන අධිකාරිය විසින් 2San පුද්ගලික සමාගම වෙත ඩොලර් 66,600 ක එකතුවක් සහිත දඩ පහක් නිකුත් කර ඇත.

මේ පිළිබඳ අදහස් දැනගැනීම සඳහා SBS ගුවන් විදුලිය 2San පුද්ගලික සමාගම සම්බන්ධ කරගෙන ඇත.

NSW Health සිය නවතම සතිපතා වාර්තාවේ COVID-19 මරණ 22% ක වැඩිවීමක් වාර්තා කර ඇත.

ඉන්ෆ්ලුවෙන්සා ක්‍රියාකාරිත්වය අඩු මට්ටමකට පැමිණ ඇති නමුත් ඉන්ෆ්ලුවෙන්සා එන්නත දිගටම නිර්දේශ කරන බව එහි සඳහන් වේ.

ඩොලර් බිලියන 1.5 ක COVID Catch-Up සැලැස්ම යටතේ Bellbird පෞද්ගලික රෝහලේ නව සාමාන්‍ය සැත්කම් මධ්‍යස්ථානයක් වික්ටෝරියා ප්‍රාන්ත රජය ප්‍රකාශයට පත් කර තිබේ.

මෙම මධ්‍යස්ථානය මෙම වසර අගදී ක්‍රියාත්මක වන අතර වාර්ෂිකව වික්ටෝරියානු ප්‍රාන්ත වාසීන් 5,700කට වැඩි පිරිසකට ශල්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට උපකාර වනු ඇත.

අගෝස්තු 7 න් අවසන් වූ සතිය සඳහා ගෝලීය COVID-19 රෝගීන් සංඛ්‍යාව 9% කින් අඩු වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත්, ඔස්ට්‍රේලියාව, ජපානය සහ කොරියාව වැනි රටවල් ඇතුළත් බටහිර පැසිෆික් කලාපයේ කොවිඩ් රෝගීන් 29% කින් වැඩි වී තිබේ.

ජපානය, ඇමෙරිකා එක්සත් ජනපදය, කොරියාව සහ වියට්නාමය සතිපතා වැඩිම ගෝලීය කොවිඩ් රෝගීන් වාර්තා කර ඇත.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now