SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය පිළිබඳ පරීක්ෂණය අලුත් කෙරේ

Australian Citizenship Test
Source: (AAP Image/Andrew Brownbill)

1 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS News


Skip to article content

දශකයකට වැඩි කාලයකින් පසුව ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය පිළිබඳ පරීක්ෂණය යාවත්කාලීන කිරීමට මධ්‍යම රජය බලාපොරොත්තු වේ.

ඒ අනුව පුරවැසිභාවය පිළිබඳ පරීක්ෂණයට ‘ඕස්ට්‍රේලියානු වටිනාකම්’ (Australian Values) ලෙසින් හඳුන්වන, අනිවාර්යයෙන්ම නිවැරදිව පිළිතුරු සැපයිය යුතු ප්‍රශ්න 5 ක් ඇතුලත් කිරීමට නියමිතයි.

කෙසේ වෙතත් මෙරට ස්ථිර පදිංචිය (Permanent Residency) හිමි පුද්ගලයින් පුරවැසිභාවය සඳහා ඉල්ලුම් කිරීමට සපුරාලිය යුතු කොන්දේසි වල කිසිඳු වෙනසක් සිදු නොවේ.

එසේම මේ වසරේ ඔක්තෝබර් මස 30 වනදා සිට පුරවැසි අයදුම්කරුවන්ට ඔවුන්ගේ පුරවැසි භාවය පිරිනමන උත්සවයේදී යාවත්කාලීන (update) කරන ලද 'ඕස්ට්‍රේලියානු වටිනාකම්' පිලිබඳ ප්‍රකාශය තහවුරු කළ යුතුය.

පුරවැසි පරීක්ෂණය සමත් වීමට අවම වශයෙන් සියයට 75 ක ලකුණු ප්‍රමාණයක් සපුරාලීම අත්‍යවශ්‍ය වේ.

ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය සම්බන්ධ සැමරුම් දිනය අදට (17/09) යෙදී තිබේ.

** ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්න SBS සිංහල සේවයේ Facebook පිටුවට www.facebook.com/sbssinhala


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now