පාකිස්ථානය තරගාවලියෙන් ඉවත් කරමින් ඕස්ට්‍රේලියාවට ලකුණු 21ක ජයක්

20-20 ජාත්‍යන්තර තරග පිටියේ ඕස්ට්‍රේලියාව වෙනුවෙන් වාර්තා වූ හොඳම පන්දු යැවීම James Faulkner ගෙන්. ඊයේ පාකිස්ථානයට එරෙහිව ඔහු ලකුණු 27ට කඩුලු 5ක් දවා ගන්නට සමත් විය.

Adam Zampa, Steve Smith and James Faulkner of Australia celebrate victory during the ICC WT20

Adam Zampa, Steve Smith and James Faulkner of Australia celebrate victory during the ICC WT20 Source: Getty Images

මෙවර 20-20 ලෝක කුසලානය යටතේ ඊයේ ඕස්ට්‍රේලියාව  සහ පකිස්ථානය ඉන්දියාවේ මොහාලි හිදී තරග වැදුණු අතර, එම තරගයෙන් ලකුණු 21ක ජයක් හිමි කරගන්නට ඕස්ට්‍රේලියාව  සමත් විය. තරගයේ කාසියේ වාසිය හිමි කරගත්, ඕස්ට්‍රේලියාව පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කල අතර, එහිදී නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු  4ක් දැවී ලකුණු 193ක් වාර්තා කරන්නට ඕස්ට්‍රේලියාව  සමත් විය. ඕස්ට්‍රේලියානු  කණ්ඩායමේ 4 වන කඩුල්ල  ලෙස මුලු  ලකුණු සංඛ්‍යාව 114දී මැක්ස්වෙල් දැවියාමෙන් අනතුරුව ලකුණු 74ක් අගනා  සඹදතාවයක්  ගොඩනගමින් ඕස්ට්‍රේලියානු ඉනිම ශක්තිමත් කරන්නට ඕස්ට්‍රේලියානු නායක ස්ටීවන් ස්මිත් සහ ෂේන් වොට්සන් සමත් විය. ස්මිත් නොදැවී ලකුණු 61ක් වාර්තා කල අතර වොට්සන් නොදැවී ලකුණු 44ක් වාර්තා කරන්නට සමත් විය. මෙහිදී ඕස්ට්‍රේලියාව වාර්තා කල ලකුණු 193 විස්සයි විස්ස ලෝක කුසලාන ඉතිහාසයේ ඕස්ට්‍රේලියාව  වාර්තා කල දෙවැනි වැඩිම ලකුණු ප්‍රමණය ලෙසත් වාර්තා අතරට එක්  විය.

තරගයේ ජයග්‍රහණය සදහා පාකිස්ථානයට  ලකුණු 194ක ඉලක්කයක් හිමි වූ අතර, එහිදී ඔවුන්ට කඩුලු  8 ක් දැවී ලබා ගත හැකිවුයේ ලකුණු 172ක් පමණි.  ඊයේ තරගයේදී ඕස්ට්‍රේලියානු 20-20 ජාත්‍යන්තර තරග ඉතිහාසයේ වාර්තා වූ හොඳම පන්දු යැවීම වාර්තා කල James  Faulkner ලකණු 27කට කඩුලු  5ක් දවාගත් අතර, තරගයේ වීරයා  සම්මානයද හිමි කරගන්නට සමත් විය. 20-20 ජාත්‍යන්තර තරගයකදී James  Faulkner තරගයේ වීරයා  සම්මානය හිමි කරගත් ප්‍රථම වතාව මෙයයි. ඕස්ට්‍රේලියානු නවක දග  පන්දු යවන ක්‍රීඩක Adam  Zampa ද ඊයේ දිනයේ ලකුණු 32කට කඩුලු  2ක් දවා  ගන්නට සමත් විය.

මෙවර 20-20  ලෝක කුසලානය යටතේ හෙට (මාර්තු 27දා ) ඕස්ට්‍රේලියාව - ඉන්දියාව සමගින් තරග වැදීමට නියමිතයි.


2 min read

Published

Updated

By Sanjaya Dissanayake



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now