Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ජාත්‍යන්තර සම්මුතීන්වලට අනුව ඔස්ට්‍රේලියාවේ රැකියා කිරීමේ අවම වයසට සහ සේවක ආරක්ෂණ නීතිවලට වෙනස්කම්

1973 අංක 138 දරන ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) අවම වයස් සම්මුතිය සහ 2019 ප්‍රචණ්ඩත්වය සහ හිරිහැර කිරීම පිළිබඳ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සම්මුතිය ඔස්ට්‍රේලියාව අනුමත කර තිබේ.

Australia has ratified two international treaties that deliver greater workplace protection to vulnerable workers

Australia has ratified two international treaties that deliver greater workplace protection to vulnerable workers Source: AAP

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය අවදානමට ලක්විය හැකි සේවකයින්ට වැඩි සේවා ස්ථාන ආරක්ෂාවක් ලබා දෙන ජාත්‍යන්තර ගිවිසුම් දෙකක් අනුමත කර තිබේ.

1973 අංක 138 දරන ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) අවම වයස් සම්මුතිය සහ 2019 ප්‍රචණ්ඩත්වය සහ හිරිහැර කිරීම පිළිබඳ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සම්මුතිය එම ගිවිසුම් ද්විත්වය වේ.

යෞවනයින්ට රැකියාවක් ආරම්භ කිරීමට අවම වයසක්

1973 අංක 138 දරන ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ අවම වයස් සම්මුතිය මගින් යෞවනයින්ට රැකියාවක් ආරම්භ කිරීමට අවම වයස නියම කරන රාමුවක් සැපයේ.

එමඟින් ඔවුන්ට ආරක්ෂිතව සහ ඔවුන්ගේ පාසල් අධ්‍යාපනයට බාධාවකින් තොරව අදාළ රැකියාව කරගෙන යාමට ඉඩ සැලසේ.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

ළමුන් සඳහා ආරක්ෂිත සහ සුදුසු රැකියා පිළිබඳ ඔස්ට්‍රේලියාවේ ශක්තිමත් ප්‍රමිතීන් ඇති බව මධ්‍යම රජයේ රැකියා සහ සේවා ස්ථාන සබඳතා අමාත්‍ය Tony Burke නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

අදාළ සම්මුතිය අනුමත කිරීම ජාත්‍යන්තර කම්කරු ප්‍රමිතීන් ශක්තිමත් කිරීමට ඔස්ට්‍රේලියාවේ කැපවීම පෙන්නුම් කරන බවද ඔහු එම නිවේදනයේ දන්වා සිටී.

ගුණාත්මක අධ්‍යාපනයක් තුළින් ජීවිතයේ හොඳම ආරම්භය ලබා දීම සහ සෑම කෙනෙකුටම ආරක්ෂිත සහ සුදුසු සේවා ස්ථානයක් ඇති බව සහතික කිරීම ඇතුළුව දරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය කැපවී සිටින බවද අමාත්‍ය Tony Burke එම නිවේදනයේ වැඩි දුරටත් පවසා ඇත.

ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ අවම වයස් සම්මුතියට අනුව ඔස්ට්‍රේලියාව සම්මත රැකියාවක් කිරීමේ අවම වයස අවුරුදු 15ක් ලෙස ප්‍රකාශයට පත් කරනු ඇති අතර, එම වයසට අඩු දරුවන්ට යම් යම් තත්වයන් යටතේ සැහැල්ලු වැඩ සහිත රැකියා කිරීමට සම්මුතිය ඉඩ ලබා දෙන බව සඳහන් කරයි.

පුවත්පත් බෙදා හැරීම, පවුලේ ව්‍යාපාරයක වැඩ කිරීම සහ ස්වේච්ඡා සේවය වැනි ඔස්ට්‍රේලියාව සම්ප්‍රදායිකව සුදුසු යැයි සලකන රැකියා මෙයට ඇතුළත් වේ.

ඔස්ට්‍රේලියාවේ පවතින නීතිය සහ භාවිතය මත පදනම්ව මෙම අනුමත කිරීම සිදු වේ.

හිරිහැර කිරීම පිළිබඳ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සම්මුතිය

ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය ඇතුළුව සේවා ස්ථානයේ සියලු ආකාරයේ ප්‍රචණ්ඩත්වය සහ හිරිහැර කිරීම තහනම් කරන රාමුවක් සැපයීම සහතික කිරීමට මෙම සම්මුතිය හරහා ඔස්ට්‍රේලියාවට බැඳී සිටී.

මෙම සම්මුතියට ජාතික නීති අධීක්‍ෂණය සහ බලාත්මක කිරීම සහතික කිරීම සහ ආරවුල් විසඳීමේ යාන්ත්‍රණයන්ට ප්‍රවේශය සහතික කිරීමේ වගකීම් මෙන්ම පුද්ගලිකත්වය සහ වෙනස්කම්වලට එරෙහි වගකීම් සහ අවදානමට ලක්විය හැකි පුද්ගලයින් සඳහා ආරක්ෂාව ද ඇතුළත් වේ.

ඔස්ට්‍රේලියානු සේවා ස්ථානවල ප්‍රචණ්ඩත්වය සහ හිරිහැර කිරීම සරලවම පිළිගත නොහැකි අතර, සෑම වසරකම ශ්‍රමිකයින් දහස් ගණනකගේ ආරක්ෂාවට සහ යහපැවැත්මට ඒවා බලපාන අතර ඔවුන්ගෙන් බහුතරය කාන්තාවන් බවද වාර්තා වේ.

දැන් අනුමත කර ඇති,මෙම සම්මුතිය 2024 සැප්තැම්බර් වන විට වැටුප් සහිත දින 10 ක පවුල් සහ ගෘහස්ථ ප්‍රචණ්ඩත්ව නිවාඩු හිමිකම ඔස්ට්‍රේලියාවේ සියලුම මිලියන 12 ක් වන සේවකයින්ට සම්පූර්ණයෙන් ලබා දීමට සහාය වනු ඇත.


3 min read

Published

By Madhura Seneviratne

Source: SBS



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now