SKIP TO MAIN CONTENT

කොරෝනා වෛරස ප්‍රජා සම්ප්‍රේෂණයක් නොමැතිව සමස්ත ඔස්ට්‍රේලියාවම සතියක් පසු කරයි

Coronavirus
Source: Pixabay/geralt

1 min read

Published

By Nipuna Dodangoda


Skip to article content

ඊයේ දිනය වනවිට සමස්ත ඔස්ට්‍රේලියාව කිසිදු වෛරස ප්‍රජා සම්ප්‍රේෂණයක් වාර්තා නොවී දින 7ක කාලයක් පසු කොට තිබේ.

වික්ටෝරියා ප්‍රාන්තය කිසිදු ප්‍රජා සම්ප්‍රේෂණයක් වාර්තා නොවී දින 19ක් ගතකොට ඇති අතර නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය කිසිදු ප්‍රජා සම්ප්‍රේෂණයක් වාර්තා නොවී දින 7ක කාලයක් ගතකොට තිබේ.

එමෙන්ම කිසිදු ප්‍රජා සම්ප්‍රේෂණයක් වාර්තා නොවී දින 13ක කාලයක් ගතකිරීමට ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයද සමත්ව තිබේ.

මේ අතර බ්‍රිතාන්‍ය නව කොරෝනා වෛරස ප්‍රබේදය අසාදිත පුද්ගලයකු හෝටල් නිරෝධායන මධ්‍යස්ථානයකින් වාර්තා වූ බව බටහිර ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත අග්‍රාමාත්‍ය Mark McGowan සඳහන් කොට සිටී.

ඔහු පෙන්වා දෙන්නේ සමස්තයක් ලෙස මේ වනවිට මෙම නව කොරෝනා ප්‍රබේද ආසාදිතයින් 12 දෙනෙකු තම ප්‍රාන්තයෙන් වාර්තා වී ඇති බවයි. එමෙන්ම මේ වනවිට නව ප්‍රබේදය අසාදනය වූ පුද්ගලයින් සිව් දෙනෙකු හෝටල් නිරෝධයනයේ පසු වේ. එම වෛරසය සමාජය තුලට සම්ප්‍රේෂණය වීම වැලැක්වීම සඳහා පියවර ගන්නා අතරතුර ආසාදිතයින් ආරක්ෂිතව සහ සෞඛ්‍යමත්ව තබාගැනීමට කටයුතු කරන බවද ප්‍රාන්ත අග්‍රාමාත්‍ය Mark McGowan අවධාරණය කොට සිටී.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now