SKIP TO MAIN CONTENT

වික්ටෝරියා, දකුණු ඔස්ට්‍රේලියා, ටස්මේනියා ඇතුළු ඔස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රාන්ත අද සෙල්සියස් 40 ට එහා රත් වෙයි

Australia is facing an extreme weather day again this summer
Source: www.bom.gov.au/

2 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

අද දිනයේ (30/12) ඔස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රාන්ත වලට අධික උෂ්ණත්වයක් හටගන්නා දිනයක් බවට කාළගුණ විද්‍යා කාර්යාංශය පවසයි.

විශේෂයෙන්ම ඔස්ට්‍රේලියාවේ ගිනි කොණ දිග කලාපයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ඉක්මවනු ඇතැයි වාර්තා වේ.

ඒ අනුව වික්ටෝරියානු ප්‍රාන්තයේ නැගෙනහිර Gippsland කලාපයේ බරපතල ලැව් ගිනි අවදානමක් ඇති බවට වික්ටෝරියානු ප්‍රාන්තයේ හදිසි සේවා අංශ අනතුරු අඟවයි.

ඒ හේතුවෙන් එම ප්‍රදේශ වල වෙසෙන ජනයාට තම වාසස්ථාන වලින් බැහැරව යන ලෙසට මේ වන විටත් දැනුම් දී තිබේ.

මේ අතර වික්ටෝරියානු ප්‍රාන්තයේ Lorne ප්‍රදේශයේ පැවැත්වීමට තිබූ එළිමහන් සංගීත ප්‍රසංගයක්ද අධික උෂ්ණත්වය නිසා අවලංගු කර ඇති බව වාර්තා වේ.

අද දිනයේ ප්‍රාන්තය පුරා පැතිරෙන අධික උෂ්ණත්වය හේතුවෙන් ගිනි ඇතිවීමේ අවදානම ඉහළ මට්ටමක පවතින බවට වික්ටෝරියානු ප්‍රාන්තයේ හදිසි සේවා කළමනාකරණ කොමසාරිස් Andrew Crip පවසයි.

Australia is facing an extreme weather day again this summer
Source: AAP

මේ අතර නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ මෙන්ම ඇඩිලේඩ් සහ හෝබාර්ට් නගර වලද අද සහ හෙට දින වල අධික උෂ්ණත්වයක් පවතින බවට කාලගුණ විද්‍යා කාර්යාංශය අනතුරු අඟවයි.

එනිසාම එම කලාප වල ලැව් ගිනි ඇතිවීමේ ඉහළ අවදානමක් පවතින බව සඳහන්.

මේ අතර නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය පුරා හටගෙන ඇති ලැව් ගිනි මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවන භටයෝ තවමත් උත්සාහ දරමින් සිටිති.

පවතින ලැව් ගිනි සහ අධික උෂ්ණත්වය නිසා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය පුරා මේ වන විට හදිසි තත්ත්වයක් ප්‍රකාශ කර ඇති අතර බොහෝ කලාප වලට total fire ban හෙවත් ගිනි හෝ ඒ ආශ්‍රිත ක්‍රියා සපුරා තහනම් කර ඇති තත්ත්වයක් ප්‍රකාශ කර තිබේ.

Australia is facing an extreme weather day again this summer
Source: SBS Sinhala

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now