ඔස්ට්‍රේලියාවේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් සුපිරි අමාත්‍යංශයක්.

Australia is planning to implement a Super Ministry towards National Security.

Source: SBS

ඔස්ට්‍රේලියාවේ ජාතික ආරක්ෂාව සඳහා වූ ප්‍රතිපත්ති වල කැපී පෙනෙන වෙනස්කමක් අද දිනයේදී සිදු වීමට බොහෝ දුරට ඉඩ ඇති බව වාර්තා වේ.

එහිදී ඔස්ට්‍රේලියානු මධ්‍යම පොලීසිය, ඔස්ට්‍රේලියාවේ දේශ සීමා ආරක්ෂණ සේවාව සහ The Australian Security Intelligence Organisation හෙවත් ASIO යන ආයතන ත්‍රිත්වයම එකම අමාත්‍යංශයක් යටතට එක් කිරීමට රජය සූදානම් වේ.

එක්සත් රාජධානියේ පවතින  ක්‍රමයද මීට බෙහෙවින් සමාන බව සඳහන්.

ගෝලීයව ඇතිවී ඇති ත්‍රස්තවාදී අර්බුදයට පෙරාතුවම පිළියමක් ලෙස මෙවැනි තීරණයක් ගැනීමට රජය පෙළඹුණු බවද වාර්තා වේ.

අද දිනයේ (18/07) ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ කැබිනට් හමුවේදී මේ පිළිබඳ සකච්ඡා කිරීමට නියමිත අතර එය සම්මත වුවහොත් බොහෝ දුරට මෙම සුපිරි අමාත්‍යංශයේ වගකීම වත්මන් ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Peter Dutton හට හිමි වනු ඇති බවද වාර්තා වේ.


Share

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now