SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ විශිෂ්ටතම ගායන හඬ නිහඬ වූ වගයි.

Dr G Yunupingu dies
Source: SBS

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ඔස්ට්‍රේලියාවේ විශිෂ්ටතම ගායන හඬ අද නිහඬ වූ බව වාර්තා වේ.

ස්වදේශික සංගීතයේ ප්‍රමුඛතම ගායන පෞරුෂය ලෙස හැඳින්වෙන ආචාර්ය G Yunupingu අද (26/07) දිනයේ ඩාවින් රෝහලේදී අභාවප්‍රාප්ත විය.

මිය යන විට 46 වන වියෙහි පසුවූ ඔහු හෙපටයිටීස් B රෝගයෙන් පෙළෙමින් සිටි බව ද වාර්තා වේ.

උපතින්ම අන්ධව මෙලොවට පැමිණි Yunupingu ප්‍රථමයෙන් ගිටාරය අතට ගනු ලැබුවේ වයස අවුරුදු 6 දී වන අතර ගිටාරය උඩු යටිකුරු කර වාදනය කරනු ලැබුවේ වමත් කරුවෙකු නිසාය.

බ්‍රිතාන්‍ය රැජිණ සහ ඇමෙරිකානු හිටපු ජනාධිපති බැරක් ඔබාමා හමුවේද ගීත ගායනා කිරීමට අවස්ථාව ලද මොහු ඔස්ට්‍රේලියානු සංගීත රසිකයින් අතර ඉමහත් ජනප්‍රියතාවට පත්ව සිටියේ ජාත්‍යන්තර සංගීතයේ ඔස්ට්‍රේලියානු සලකුණ තබමිනි. 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now