වෝන් - මුරලි ටෙස්ට් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට (SBS සිංහල/වාර්තා)

එකම ටෙස්ට් තරගයකදී ටෙස්ට් කඩුලු 10ක් දවා ගනිමින් අර්ධ ශතකයක් වාර්තා කල පළමු ශ්‍රී ලංකික ක්‍රීඩකයා බවට පත්වන්නට දිල්රුවන් පෙරේරාට මෙම තරගයේදී හැකි විය. තවද ටෙස්ට් කදුළු 50 කඩ ඉම වෙත වේගයෙන්ම ලගා වූ ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වන්නේද ඔහුයි

Sri Lanka's team members acknowledge the crowd as they celebrate their victory over Australia by 229 runs in the second test cricket match in Galle, Sri Lanka, Saturday, Aug. 6, 2016. (AP Photo/Eranga Jayawardena)

Sri Lankan team members acknowledges the crowd as they celebrate their victory over Australia by 229 runs Source: AP Photo/Eranga Jayawardena

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව  අතර පසුගියදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනදී පැවති  දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන්, ලකුණු 229 ක ජයක් ඇත කරගැනීමත් සමග තරගාවලිය නිමාවට පත් වීමට තවත් එක තරගයක් තිබියදීත් 2-0ක් ලෙස තරගාවලියේ ජය හිමි කරගන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පසුගියදා සමත් විය.

ශ්‍රී ලංකාව මීට  පෙර ඕස්ට්‍රේලියාවට  එරෙහිව ටෙස්ට් තරගාවලියක් ජයගෙන ඇත්තේ 1999 වසරේ සනත් ජයසුරියගේ නායකත්වයෙන් වන අතර, ඊට වසර 17කට පෙර ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාවට  ටෙස්ට් තරගාවලියක් ජයග්‍රහණය කිරීම සුවිශේෂී සිද්ධියක්. තවද ඕස්ට්‍රේලියාව ජාත්‍යන්තර ටෙස්ට් වර්ගීකරණයේ ප්‍රථම ස්ථානයේ පසුවීමත්, ශ්‍රී ලංකාව වර්ගීකරණයේ හත්වන ස්ථානයේ පසුවීමත් නිසා, මෙම තරගාවලිය ඕස්ට්‍රේලියාව  පහසුවෙන් ජයගනු ඇති බව බොහෝ විචාරකයින් තරගාවලිය පෙර ප්‍රකාශ කර තිබුනත්, ශ්‍රී ලංකා කණ්ඩායමේ තරුණ ක්‍රීඩකයින් දක්ෂතා අතරට පැමිණීමත්, රංගන හේරත් වැනි අත්දැකීම් ඇති ක්‍රීඩකයින්ගේ සුපිරි දක්ෂතාත් හේතු කොට ගෙන ප්‍රබල ඕස්ට්‍රේලියාව  පරාජයට පත් කරන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය.

තවද ඕස්ට්‍රේලියානු කණ්ඩායම පැත්තෙන් ගත් කල මෙම තරගාවලියේ පළමු  තරග 2 පරාජයට පත්වීමත් සමග ඕස්ට්‍රේලියානු  කණ්‌ඩායමක්‌ ආසියාවේදී අවසන් වරට සහභාගිවී තිබෙන ටෙස්‌ට්‌ තරග 8 ම පිට පිටම පරාජයට පත්වීමද කැපී පෙනෙන සිදුවීමක්. ඕස්ට්‍රේලියානු කණ්ඩායම  මීට පෙර ඉන්දියාවට එරෙහිව ටෙස්‌ට්‌ තරග 4 ක්‌ සහ පාකිස්‌තානය හමුවේ දෙවතාවක්‌ පරාජයට පත්වී තිබේ.

දිල්රුවන් පෙරේරාගෙන් වාර්තාගත පන්දු යැවීමක් සහ සුපිරි අර්ධ ශතකයක්

ශ්‍රී ලංකාව  සහ ඕස්ට්‍රේලියාව  අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ ඕස්ට්‍රේලියානු පළමු ඉනිමේදී, ලකුණු 29කට කඩුලු  4ක්ද , දෙවැනි ඉනිමේදී ලකුණු 70කට කඩුලු  6ක්ද දවා  ගන්නට දිල්රුවන් සමත් වූ අතර, පන්දුවට පහරදිමේදීද අගන ඉනිමක් ක්‍රීඩා කරමින් ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේදී ලකුණු 64ක් වාර්තා කරන්නට අහු සමත් විය. මෙම දස්කම සමගින් එකම ටෙස්ට් තරගයකදී ටෙස්ට් කඩුලු  10ක් දවා  ගනිමින් අර්ධ ශතකයක් වාර්තා කල පළමු ශ්‍රී ලංකික ක්‍රීඩකයා  බවට පත්වන්නටද දිල්රුවන්ට හැකි විය. තවද ටෙස්ට් කදුළු 50 කඩ ඉම වෙත වේගයෙන්ම ලගා   වූ  ශ්‍රී ලාංකික ක්‍රීඩකයා  වන්නේද ඔහුයි. ඔහු ටෙස්ට් කඩුලු  55ක් දවාගෙන තිබෙන්නේ තරග 11කදී බව සදහන් .මෙම තරගයේ තරගයේ වීරයා  සම්මානය හිමි කරගත්තේද දිල්රුවන් පෙරේරා විසිනි. බොහෝ දෙනෙක් රංගන හේරත් ගේ දස්කම් පිලිබදව කතා බහ කරන බවත්, නමුත් දිල්රුවන් පෙරේරා සැගවුණු වීරයෙක් බවත් ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් තරගයෙන් අනතුරුව ප්‍රකාශ කර තිබිණි.

රංගන හේරත් ටෙස්ට් කඩුලු ත්‍රිත්වයක් පිට පිට දවාගත් (Hat- trick ) ලොව වයස්ගතම ක්‍රීඩකයා

මෙම තරගයේදී පිට පිට කඩුලු  ත්‍රිත්වයක් දවාගනිමින් එම දස්කම කල ලොව වයස්ගතම ක්‍රීඩකයා  ලෙස වාර්තා අතරට එක්වන්නට ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි දග පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් සමත් විය. දැනට 38 හැවිරිදි වියේ පසුවන රංගන හේරත්, පිට පිට ටෙස්ට් කඩුලු  ත්‍රිත්වයක් ලබා ගත්  දෙවැනි ශ්‍රී ලංකික ක්‍රීඩකයා ලෙසද වාර්තා අතරට එක විය. මීට  නුවන් සොයිසා  1999 වසරේදී සිම්බාබ්වේ දේශයට එරෙහිව පිට පිට ටෙස්ට් කඩුලු  ත්‍රිත්වයක් දවාගන්නට  සමත් වී තිබේ. තවද ගාලු ක්‍රීඩාංගනයේදී  ටෙස්ට් කඩුලු  84ක් දවාගන්නටද රංගන හේරත් සමත් වූ අතර, ඔහු ගාලු ක්‍රීඩාංගනය තුල කඩුලු  දවගැනීමේදී  දෙවැනි වන්නේ මුරලිදරන්ට පමණි. මුරලි ගාලු ක්‍රීඩාංගනයේදී  කඩුලූ  111ක් දවාගන්නට  සමත් වී තිබේ.

"ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගැනීම පිළිබද තවම තීරණයක් ගෙන නැහැ" - රංගන හේරත්

ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගැනීම පිලිබදව තීරණයක් ගෙන් තිබේදැයි මාධ්‍යවේදියෙක්, ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලිය දෙවැනි ටෙස්ට් තරගය අතරතුර පවතී මාධ්‍ය හමුවකදී රංගන හේරත්ගෙන් විමසා සිටි අතර, ඔහු එහිදී සදහන් කලේ තමන් ඒ පිළිබද තීරණයකට පැමිණ නැති බවත් තරගයෙන් තරගයට තමන් දස්කම් දක්වන ආකාරය අනුව ඒ පිලිබදව තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බවයි.

තුන්වන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අගෝස්තු 13දා

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව  අතර පැවැත්වෙන තුන්වන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය එලඹෙන 13දා (අගෝස්තු 13දා ) SSC ක්‍රීඩාංගනදී ආරම්භ වීමට නියමිතයි.


Share

Published

Updated

By Sanjaya Dissanayake

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service