බංග්ලාදේශයේ බලාපොරොත්තු සුන් කරමින් ඕස්ට්‍රේලියාවට කඩුලු තුනක ජයක්

මෙවර 20-20 ලෝක කුසලාන ක්රිකට තරගාවලිය යටතේ ඊයේ ඔස්ට්‍රේලියාව සහ බංග්ලාදේශය තරග වැදුණු අතර එම තරගයෙන් කඩුලු තුනක ජයක් අත්කරගන්නට ඕස්ට්‍රේලියාව සමත් විය.

Peter Nevill and James Faulkner of Australia celebrate after Faulkner hit the winning runs

BANGALORE, INDIA - MARCH 21: Peter Nevill and James Faulkner of Australia celebrate after Faulkner hit the winning runs during the World T20 game Source: Getty Images

ඕස්ට්‍රේලියානු පිති කරු උස්මන් කවාජා  ගේ දස්කම් සහ නවක දග  පන්දු යවන ක්‍රීඩක ඇඩම් සම්පා ගේ දස්කම් ඊයේ තරගයේදී කැපී පෙනිණි. තරගයේ කාසියේ වාසිය හිමි කරගත් ඕස්ට්‍රේලියාව පළමුවෙන් පන්දුවට පහර දීමේ වාරය  බංග්ලාදේශයට ලබාදුන් අතර, එහිදී ඔවුන් කඩුලු  5ක් පමණක් දැවී ලකුණු 156ක් වාර්තා කරන්නට සමත් විය.

ඕස්ට්‍රේලියාව  වෙනුවෙන් පන්දු යැවීමේදී දග පන්දු යවන ක්‍රීඩක Adam  Zampa ලකුණු 23 කට කඩුලු  3ක් දවා  ගත්  අතර, ඔහු තරගයේ වීරයා ලෙසද සම්මාන හිමි කරගත්තේය. චින්නස්වාමි ක්‍රීඩාංගනයේ තණ  තීරුව පිළිබද අදහස් දක්වමින් තරගයට පෙර ඕස්ට්‍රේලියානු නායක ස්ටීවන් ස්මිත් ප්‍රකාශ කලේ මෙම තනතිරුව තුල දග  පන්දු යවන්නන් එතරම් වැදගත් ලෙස තමන් නොසිතන බවයි. නමුත් දග පන්දු යවන ක්‍රීඩක Adam  Zampa ඊයේ දිනයේදී තම 20-20 ජාත්‍යන්තර දිවියේ පළමු කඩුලු තුන දවා  ගනිමින් ඕස්ට්‍රේලියාව  වෙනුවෙන් ඊයේ දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කළේය.

ඕස්ට්‍රේලියාවට තරගයේ ජයග්‍රහණය සදහා ලකුණු 157ක ඉලක්කයක් හිමි වූ අතර පන්දුවාර 18 කුත් පන්දු 3කදී කඩුලු  7ක් දැවී එම ලකුණු ප්‍රමාණය හිමි කරගන්නට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය.

ඕස්ට්‍රේලියාව  වෙනුවෙන් අගනා  පිති හරඹයක නිරත වූ උසමන් කවාජා  ලකුණු 58ක් වාර්තා කලේ හතරේ පහර 7ක් සහ එක හයේ පහරක් සමගින්.

බංග්ලාදේශ පන්දුයවන්නන් වන Taskin Ahmed සහ  Arafat Sunny හට තහනමක් පනවා ඇති බැවින් ඔවුන් මෙම තරගය එක නොවූ අතර Mustafizur Rahman ඊයේ දිනයේදී පන්දු යැවීමේදී ලකුණු 30 කට කඩුලු  2ක් දවා ගත් අතර, Shakib Al Hasan ලකුණු 27කට කඩුලු  3ක් දවා  ගන්නට සමත් විය.

මේ වන විට තරගාවලියේ ලකුණු සටහනේ, තරග දෙකකට සහභාගී වී ඉන් තරගයක් ජයගෙන එක තරගයක් පරාජය පත් වී ඕස්ට්‍රේලියාව තුන්වැනි ස්ථානයේ සිටින අතර, බංගලාදේශය ඔවුන් සහභාගී වූ තරග දෙකම පරාජයට පත් වී ලකුණු සටහනේ සිව්වැනි ස්ථානයේ පසුවෙයි.

ඔස්ත්රෙලිඅව තරග වදින දෙවැනි කාණ්ඩයේ ප්‍රථම ස්ථානය නවසීලන්තයටත්, දෙවන ස්ථානය පාකිස්ථානයටත් හිමිව තිබේ.

අද තරග බිමට

මෙවර ලෝක කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලිය යටතේ අද  නවසීලන්තය සහ පාකිස්ථානය  තරග වැදීමට නියමිතයි.

හෙට තරග බිමට

මෙවර ලෝක කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලිය යටතේ හෙට ඇෆ්ගනිස්ථානය සහ එංගලන්තය නවදිල්ලි හිදී තරග වදින අතර  ඉන්දීයාව  බංග්ලාදේශය සමගින් බැංගලෝර්  හිදී  තරග වැදීමට නියමිතයි.


2 min read

Published

Updated

By Sanjaya Dissanayake



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now