ඔස්ට්‍රේලියාවේ බලශක්ති කළමනාකරණය නිසිපරිදි නොවුණහොත් පුනර්ජනනීය බලශක්තිය වෙත යාම අනිවාර්ය බවට ප්‍රකාශයක්.

Australia might have to commit to a 70 per cent renewable target in the next 13 years

Source: AAP

ඉදිරි වසර 13 ක කාලය තුළ ඔස්ට්‍රේලියාවේ හරිතාගාර වායු විමෝචන ප්‍රතිශතය ඉලක්කගත අගය දක්වා පහත හෙළීමට මෙරට බලශක්ති ක්ෂේත්‍රයෙන් 70% කට පුනර්ජනනීය බලශක්තිය දායක කරගත යුතු බව ඔස්ට්‍රේලියාවේ බලශක්ති අර්බුදය පිළිබඳවූ සෙනට් කමිටුවට Commonwealth Scientific and Industrial Research Organisation හෙවත් CSIRO ආයතනය පවසා ඇත.

ඔස්ට්‍රේලියාවේ විදුලිය පිරිවැය පහත හෙලීමට සුදුසු ක්‍රමවේදයන් පිළිබඳ සොයාබැලීම මෙම සෙනට් කමිටුවේ ප්‍රධාන කාර්යය භාරය වී තිබේ.

වර්තමානයේ පටන බලශක්ති පිරිමැසීම සහ කළමනාකරණය නිසි ලෙස සිදු නොකළහොත් අනාගතයේදී පුනර්ජනනීය බලශක්තිය මත වැඩි යැපීමක් සිදු කිරීමට වන බව Energy Efficiency Council හෙවත් බලශක්ති කාර්යක්ෂම සභාවේ ප්‍රධානී Robert Murray-Leach පැවසීය.


1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now