ඇමෙරිකානු ජනාධිපති Donald Trump විසින් හඳුන්වාදුන් ආනයනික වානේ සහ ඇලුමිනියම් බද්දෙන් ඔස්ට්‍රේලියාව ඇතුළු රටවල් කිහිපයක් නිදහස් කළ බව ඇමෙරිකානු රජයේ වෙළෙඳ ප්‍රධානීන් නිවේදනය කරයි.
ඒ අනුව ඔස්ට්‍රේලියාව, යුරෝපය, දකුණු කොරියාව, කැනඩාව, මෙක්සිකෝව, ආර්ජන්ටිනාව සහ බ්‍රසීලය මෙලෙස ආනයනික වානේ සහ ඇලුමිනියම් බද්දෙන් නිදහස් කර ඇත.
වානේ සහ ඇලුමිනියම් ඇමෙරිකාවට ආනයනය කිරීමේදී අදාළ අපනයන රටවලින් පවතින බදු වලට අමතරව නව බද්දක් අය කළ යුතු බවට පසුගියදා ඇමෙරිකානු ජනාධිපති Donald Trump ප්‍රකාශයක් කළේය.
මේ අනුව වානේ සඳහා 25% ක්ද ඇලුමිනියම් සඳහා 10% ක බද්දක්ද අය කිරීමට අපේක්ෂා කෙරේ.
Share

