මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික ආසනයක් දිනා ගැනීමට වසර 2ක ඔස්ට්‍රේලියාවේ උත්සාහය මල් පල ගැන්වෙන ලකුණු.

Australia nearly a shoo-in for UN Human Rights Council seat as France drops out of race.

Source: Kystn

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික ආසනයක් දිනා ගැනීමට වසර 2ක් පුරාවට ඔස්ට්‍රේලියාව දැරූ උත්සාහය මල් පල ගැන්වීමට ඉතා ආසන්න බව SBS ලෝක පුවත් සේවය වාර්තා කරයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ මෙවර එළඹෙන මහ සභා රැස්වීමේදී සාමාජික ආසන දෙකක් පුරප්පාඩු වන අතර ඒ සඳහා ඔස්ට්‍රේලියාව, ස්පාඤ්ඤය සහ ප්‍රංශය තරග වදිමින් පැවතිනි.

නමුත් SBS ලෝක පුවත් සේවයට අනුව ප්‍රංශය එම තරගයෙන් ඉවත්වී 2021 වසරේදී සාමාජික ආසනයක් ලබා ගැනීමට සූදානම් වෙයි.

ඒ අනුව ඔස්ට්‍රේලියාවට සහ ස්පාඤ්ඤයට පුරප්පාඩු වන ආසන ද්විත්වය නිතරගයෙන්ම හිමිවන ලකුණු උදාවී ඇත.

නමුත් ඒ සඳහා එළඹෙන ඔක්තෝබර් මාසයේ පැවැත්වෙන මහ සභා රැස්වීමේදී සාමාජික රටවල වැඩි මනාපය අවශ්‍ය වන බවද වාර්තා වේ.

මේ වන විට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික ආසන 47 ක් ඇති අතර එක් ආසනයක බල කාලය වසර තුනකි.

ඒ අතරම කිසිදු සාමාජික රටකට එක් සාමාජික ආසනයක් නොකඩවා දෙවතාවකට වඩා දැරීමට ඉඩ නොලැබේ.

එම සාමාජික ආසන එක්සත් ජාතීන්ගේ කලාප කණ්ඩායම් අනුව බෙදා ඇත.

ඒ අනුව අප්‍රිකාවට 13ක්ද, ආසියාවට 13 ක්ද නැගෙනහිර යුරෝපයට 6ක් ද, ලතින් ඇමෙරිකාවට සහ කැරිබියාවට 8 ක්ද, බටහිර යුරෝපයට 7 ක්ද යනුවෙන් සාමාජික ආසන බෙදා තිබේ.


Share

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now