SKIP TO MAIN CONTENT

ගතවු පැය 24 තුළ ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 12 ක් දක්වා පහත බසියි

Australia only had recorded of 12 new #coronavirus cases on 23 April
Source: AAP

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ගතවු පැය 24 තුළ ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 12 ක් දක්වා පහත බැස තිබේ.

ඒ අනුව මෙතෙක් සමස්ත ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 6,661 ක් ලෙස වාර්තා වේ.

මේ දක්වා ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 76 කි.

වයිරසය ආසාදනය වූ පිරිසෙන් 5,045  ක් සුවය ලබා ඇතැයිද ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය දක්වයි.

ඊයේ දිනය (23/04) තුළ දකුණු හා බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්ත වලින් මෙන්ම Australian Capital Territory සහ  Northern Territory වලින් කිසිදු කොරෝනා ආසාදිතයෙකු වාර්තා වී නොමැත.

එමෙන්ම ඊයේ දිනයේදී නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ආසාදිතයින් 5 දෙනෙකුද  ටස්මේනියා ප්‍රාන්තයෙන් ආසාදිතයින් සිව් දෙනෙකූද වාර්තා විය.

එමෙන්ම ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් ආසාදිතයින් දෙදෙනෙකු ද වික්ටෝරියානු ප්‍රාන්තයෙන් එක් ආසාදිතයෙකුද ඊයේ දිනයේදී වාර්තා විය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now