SKIP TO MAIN CONTENT

අප්‍රේල් 20 තුළ ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 13 දක්වා පහළට

Australia only had recorded of 13 new coronavirus cases on 20 April
Source: Pixabay

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

සමස්ත ඔස්ට්‍රේලියාව තුළ ඊයේ දිනයේ (20/04) වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 13 ක් බව වාර්තා වේ.

මෙය ඉතාමත් යහපත් තත්ත්වයක් බවත් මෙවැනි අන්දමේ අඩු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් අවසන් වරට ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වූයේ මාර්තු මස 9 වන දින බවත් සඳහන්.

එම ප්‍රමාණය 11 කි.

ඔස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන් අද උදෑසන 6 වන විට ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 6,625 ක් ලෙස වාර්තා වේ.

මේ දක්වා ඔස්ට්‍රේලියාවෙන් කොරෝනා මරණ 71ක් වාර්තා වන අතර සුවය ලැබූ පිරිස 4,258 කි.

දකුණු ඔස්ට්‍රේලියාව, බටහිර ඔස්ට්‍රේලියාව, ක්වීන්ස්ලන්ත යන ප්‍රාන්ත වල මෙන්ම Northern Territory හිද ඊයේ දිනය තුළ එකදු කොරෝනා ආසාදිතයෙකු වාර්තා වී නොමැත.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now