SKIP TO MAIN CONTENT

ගතවු පැය 24 තුළ ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 16 යි

coronavirus
Source: Pixabay

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ඊයේ දිනයේදී (26/04) පමණක් සමස්ත ඔස්ට්‍රේලියවෙන්ම වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 16 ක් ලෙස වාර්තා වේ.

ඒ සමග ඊයේ දිනය අවසන් වන විට ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වන මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 6,711 ක් ලෙස ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය දක්වයි.

එම ප්‍රමාණයෙන් 5,539 ක් මේ වන විට සුවය ලබා ඇති බව සඳහන්.

මේ වන විට ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 83 ක් වේ.

පුද්ගලයින් 506,000 ට අධික සංඛ්‍යාවක් සඳහා මේ වන විට ඔස්ට්‍රේලියාවේ කොරෝනා පරීක්ෂණය සිදුකර ඇති බවද ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය පවසයි.

පසුගිය සතියේ පැවැත්වූ ජාතික කැබිනට් රැස්වීමේදී ගත් තීරණයකට අනුව කොරෝනා වසංගතය පාලනය කිරීමේ අරමුණින් තාවකාලිකව නවත්වා තිබූ හදිසි නොවන තෝරාගත් ශල්‍ය කර්ම සහ I-V-F ශල්‍ය කර්ම අද සිට ආරම්භ කෙරේ.

පසුගිය සති දෙක මුළුල්ලේම ඔස්ට්‍රේලියාව තුළ කොරෝනා ආසාදිතයින් අලුතින් වාර්තා වීම ඉතා අවම මට්ටමක පවතින නමුත් තවමත් සැලකිල්ලෙන් කටයුතු කළ යුතු බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt පැවසීය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now