SKIP TO MAIN CONTENT

ගතවු පැය 24 තුළ ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 9 යි

 coronavirus
Source: Pixabay

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

කොරෝනා වයිරසය හේතුවෙන් ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වූ 84 වන මරණය ඊයේ (27/04) රාත්‍රියේදී නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් වාර්තා විය.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ Newmarch වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථානයේ සිටි වියපත් පුද්ගලයෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඒ සමග නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් පමණක් වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 37 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මේ අතර ඊයේ දිනයේදී පමණක් සමස්ත ඔස්ට්‍රේලියවෙන්ම වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 9 ක් ලෙස වාර්තා වේ.

ඒ සමග ඊයේ දිනය අවසන් වන විට ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 6,720 ක් ලෙස ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය දක්වයි.

එම ප්‍රමාණයෙන් 5,602 ක් මේ වන විට සුවය ලබා ඇති බව සඳහන්.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now