SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 6,500 සීමාව පනියි

Coronavirus
Source: Getty Images

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ඔස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන් අද (17/04) උදෑසන 9 වන විට ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වන මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 6,508 ක් ලෙස වාර්තා වේ. 

මේ දක්වා ඔස්ට්‍රේලියාවෙන් කොරෝනා මරණ 63 ක් වාර්තා වේ. 

වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් තවමත් වාර්තා වන්නේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් වන අතර එම ප්‍රමාණය 2,926 කි. 

වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොරෝනා ආසාදිතයින් 1,301 දෙනෙකු සහ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් 1,001 දෙනෙකු වාර්තා වන බවද සඳහන්. 

බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයෙන් කොරෝනා ආසාදිතයින් 535 දෙනෙකු වාර්තා වන අතර දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයෙන් 434 දෙනෙකු වාර්තා වේ. 

ටස්මේනියා ප්‍රාන්තයේ වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 180 ක් වන අතර Australian Capital Territory හි එම ප්‍රමාණය 103 ක් බව සඳහන්. 

අද උදෑසන වන විට Northern Territory හි කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 28 ක් ලෙස දැක්වුණි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now