SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ කොරෝනා මරණ 11 දක්වා ඉහළ යනවිට ආසාදිතයින් 2,486 ක් දක්වා ඉහළට

Coronavirus (COVID19)
Source: Pixabay

2 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

කොරෝනා වයිරසය හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ මියගිය සංඛ්‍යාව 11 දක්වා ඉහළ ගොස් තිබේ.

වික්ටෝරියානු ප්‍රාන්තයෙන් අද (26/03) උදෑසන සිදුවූ කොරෝනා මරණ දෙකක් සමග මුළු මරණ සංඛ්‍යාව 11 දක්වා ඉහළ නැගුණි.

ඊයේ දිනයේදී ඔස්ට්‍රේලියාවේ 9 වන කොරෝනා මරණය ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් වාර්තා විය.

68 හැවිරිදි ක්වීන්ස්ලන්ත ජාතිකයෙකු මෙලෙස කොරෝනා ආසාදනය වීම නිසා ජීවිතක්ෂයට පත්ව ඇත.

පසුගිය සතියේ සිඩ්නි වරායට ගොඩබට Royal Caribbean cruise නෞකාවේදී ඔහුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව සඳහන්.

අනතුරුව Toowoomba රෝහලට ඇතුළත් කර ඇති අතර එහි දැඩි සත්කාරක ඒකකයේ දී ඊයේ පස්වරුවේ මෙම පුද්ගලයා මියගොස් තිබේ.

ඔහුගේ බිරිඳ සහ පවුලේ සමීපතමයින් මේ වන විට ස්වයං නිරෝධායනයකට ලක්කොට ඇත.

මේ අතර ඔස්ට්‍රේලියානු නැගෙනහිර දිවා සම්මත වේලාවෙන් අද උදෑසන 8 වන විට ඔස්ට්‍රේලියාවේ මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2,486 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් තවමත් වාර්තා වන්නේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් වන අතර එම ප්‍රමාණය 1,029 කි.

වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොරෝනා ආසාදිතයින් 520 දෙනෙකු සහ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් 443 දෙනෙකු වාර්තා වන බවද සඳහන්.

බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයෙන් කොරෝනා ආසාදිතයින් 205 දෙනෙකු වාර්තා වන අතර දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයෙන් 197 දෙනෙකු වාර්තා වේ.

ටස්මේනියා ප්‍රාන්තයේ වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 42ක් වන අතර Australian Capital Territory හි එම ප්‍රමාණය 44 ක් බව සඳහන්.

අද උදෑසන වන විට Northern Territory හි කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 6 ක් ලෙස දැක්වුණි.

 

 

 

 

 

 

 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now