SKIP TO MAIN CONTENT

මරණ 13 ක් වාර්තා වන අතරේ ඔස්ට්‍රේලියාවේ කොරෝනා ආසාදිතයින් 3,000 ට කිට්ටු කරයි

Coronavirus
Source: Pixabay

2 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ඔස්ට්‍රේලියානු නැගෙනහිර දිවා සම්මත වේලාවෙන් අද (27/03) උදෑසන 8 වන විට ඔස්ට්‍රේලියාවේ මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2,985 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් තවමත් වාර්තා වන්නේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් වන අතර එම ප්‍රමාණය 1,405 කි.

වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොරෝනා ආසාදිතයින් 520 දෙනෙකු සහ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් 493 දෙනෙකු වාර්තා වන බවද සඳහන්.

බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයෙන් කොරෝනා ආසාදිතයින් 231 දෙනෙකු වාර්තා වන අතර දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයෙන් 235 දෙනෙකු වාර්තා වේ.

ටස්මේනියා ප්‍රාන්තයේ වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 40ක් වන අතර Australian Capital Territory හි එම ප්‍රමාණය 53 ක් බව සඳහන්.

අද උදෑසන වන විට Northern Territory හි කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 8 ක් ලෙස දැක්වුණි.

Coronavirus
Source: AAP

ඔස්ට්‍රේලියාවේ කොරෝනා මරණ

කොරෝනා වයිරසය නිසා ඔස්ට්‍රේලියාවේ මිය ගිය පිරිස මේ වන විට 13 දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ (26/03) දිනයේදී පමණක් ඔස්ට්‍රේලියාවෙන් කොරෝනා මරණ 4 ක් වාර්තා වූ අතර ඉන් තුනක් වික්ටෝරියානු ප්‍රාන්තයෙන් වාර්තා විය.

ඔස්ට්‍රේලියාවේ 13 වන කොරෝනා මරණය බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයෙන් වාර්තා වූ අතර ඔහු 70 වන වියෙහි පසුවූ පුද්ගලයෙකු බව සඳහන්.

cruise නෞකාවක ගමන් කර තිබියදී ඔහුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති අතර පසුව ඔහුව හුදකලා කර තැබීම අතරතුරේ මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඔස්ට්‍රේලියාවේ වාර්තා වන බහුතරයක් කොරෝනා ආසාදිතයින් ජාත්‍යන්තරයේ සංචාරය කළ අය බව ඔස්ට්‍රේලියාවේ නියෝජ්‍ය ප්‍රධාන සෞඛ්‍ය නිලධාරී Paul Kelly පවසයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now