SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ කොරෝනා මරණ සංඛ්‍යාව 17 දක්වා ඉහළ යන විට ආසාදිතයින් 4,112 ක් දක්වා ඉහළ යයි

Coronavirus (COVID19)
Source: Pixabay

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ඔස්ට්‍රේලියාවේ 17 වන කොරෝනා මරණය අද (30/03) පෙරවරුවේ වාර්තා විය.

ඔස්ට්‍රේලියාවෙන් වාර්තාවන 17 වන කොරෝනා මරණය ටස්මේනියා ප්‍රාන්තයෙන් වාර්තා වන අතර එම පුද්ගලයා වයස අවුරදු 80 පසුවූ කාන්තාවක් බව වාර්තා වේ.

ටස්මේනියා ප්‍රාන්තයෙන් වාර්තා වූ ප්‍රථම කොරෝනා මරණය මෙය ලෙසද සඳහන්.

ඔස්ට්‍රේලියානු නැගෙනහිර දිවා සම්මත වේලාවෙන් අද උදෑසන 9 වන විට ඔස්ට්‍රේලියාවෙන් කොරෝනා ආසාදිතයින් 4,112 ක් වාර්තා වේ.

ගතවූ පැය 24 තුළ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් පමණක් කොරෝනා වයිරසය ආසාදනය වූ පුද්ගලයින් 127 ක් වාර්තා වෙයි.

වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් තවමත් වාර්තා වන්නේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් වන අතර ඔස්ට්‍රේලියානු නැගෙනහිර දිවා සම්මත වේලාවෙන් අද උදෑසන 9 වන විට එම ප්‍රමාණය 1,918 කි.

වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොරෝනා ආසාදිතයින් 769 දෙනෙකු සහ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් 656 දෙනෙකු වාර්තා වන බවද සඳහන්.

බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයෙන් කොරෝනා ආසාදිතයින් 312 දෙනෙකු වාර්තා වන අතර දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයෙන් 299 දෙනෙකු වාර්තා වේ.

ටස්මේනියා ප්‍රාන්තයේ වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 66 ක් වන අතර Australian Capital Territory හි එම ප්‍රමාණය 77 ක් බව සඳහන්.

අද උදෑසන වන විට Northern Territory හි කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 15 ක් ලෙස දැක්වුණි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now