SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ 19 වන කොරෝනා මරණයත් වාර්තා වෙයි, ආසාදිතයින් ගණන 4,364 දක්වා ඉහළට

荷伯特有兩名成人、九名青少年及小童因吸入一氧化碳中毒送院。
荷伯特有兩名成人、九名青少年及小童因吸入一氧化碳中毒送院。 Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ඔස්ට්‍රේලියාවේ 19 වන කොරෝනා මරණය අද (31/03) පෙරවරුවේ ටස්මේනියා ප්‍රාන්තයෙන් වාර්තා විය.

කොරෝනා වයිරසය ආසාදනය Royal Hobart  රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි වියපත් පිරිමි පුද්ගලයෙකු මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත.

ඒ අනුව මෙය ටස්මේනියා ප්‍රාන්තයෙන් වාර්තා වන දෙවැනි කොරෝනා මරණය වේ.

ඔස්ට්‍රේලියානු නැගෙනහිර දිවා සම්මත වේලාවෙන් අද (31/03) උදෑසන 9 වන විට ඔස්ට්‍රේලියාවෙන් කොරෝනා ආසාදිතයින් 4,364 ක් වාර්තා වේ.

වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් තවමත් වාර්තා වන්නේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් වන අතර ඔස්ට්‍රේලියානු නැගෙනහිර දිවා සම්මත වේලාවෙන් අද උදෑසන 9 වන විට එම ප්‍රමාණය 2,032 කි.

වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොරෝනා ආසාදිතයින් 821දෙනෙකු සහ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් 689 දෙනෙකු වාර්තා වන බවද සඳහන්.

බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයෙන් කොරෝනා ආසාදිතයින් 355 දෙනෙකු වාර්තා වන අතර දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයෙන් 305 දෙනෙකු වාර්තා වේ.

ටස්මේනියා ප්‍රාන්තයේ වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 70 ක් වන අතර Australian Capital Territory හි එම ප්‍රමාණය 78 ක් බව සඳහන්.

අද උදෑසන වන විට Northern Territory හි කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 14 ක් ලෙස දැක්වුණි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now