SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ කොරෝනා මරණ 23 යි, ආසාදිතයින් 5,000 ට ළඟාවෙයි

Victoria records 25 coronavirus deaths on deadliest day of pandemic so far
Victoria records 25 coronavirus deaths on deadliest day of pandemic so far Source: Pixabay

1 min read

Published

Updated

By Madhura Seneviratne


Skip to article content

UPDATE : 2/4/2020 11.20 (AEST)

අද උදැසන (2 April)  වික්ටෝරියා ප්‍රාන්තයේ වයස අවුරුදු 70 ක කාන්තාවක් සහ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් වයස අවුරුදු 85 ක පුරුෂයෙකු කොරෝනා වෛරසය හේතුවෙන් මියයැමත් සමඟ මේ වන විට ඔස්ට්‍රේලියාවේ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 23 ක් ලෙසට ඉහල නගී.වාර්තා වේ.

එමෙන්ම ඔස්ට්‍රේලියාවේ කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය 4,979 දක්වා ඉහළ ගොස් තිබේ.

වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් තවමත් වාර්තා වන්නේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් වන අතර ඔස්ට්‍රේලියානු නැගෙනහිර දිවා සම්මත වේලාවෙන් අද උදෑසන 9 වන විට එම ප්‍රමාණය 2,298 කි.

වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොරෝනා ආසාදිතයින් 968 දෙනෙකු සහ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් 781 දෙනෙකු වාර්තා වන බවද සඳහන්.

බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයෙන් කොරෝනා ආසාදිතයින් 392 දෙනෙකු වාර්තා වන අතර දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයෙන් 367 දෙනෙකු වාර්තා වේ.

ටස්මේනියා ප්‍රාන්තයේ වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 71 ක් වන අතර Australian Capital Territory හි එම ප්‍රමාණය 84 ක් බව සඳහන්.

අද උදෑසන වන විට Northern Territory හි කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 18 ක් ලෙස දැක්වුණි.

 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now