SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ කොරෝනා මරණ 25 යි, ආසාදිතයින් 5,226 දක්වා ඉහළට

Australia record 28th Coronavirus death and cases jumped to 5,226
Source: Pixabay

1 min read

Published

Updated

By Madhura Seneviratne


Skip to article content

ඔස්ට්‍රේලියානු නැගෙනහිර දිවා සම්මත වේලාවෙන් අද (03/04) උදෑසන 8 වන විට ඔස්ට්‍රේලියාවේ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 25 ක් ලෙස වාර්තා වේ.

එමෙන්ම ඔස්ට්‍රේලියාවේ කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය 5,226  දක්වා මේ වන විට ඉහළ ගොස් තිබේ.

වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් තවමත් වාර්තා වන්නේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් වන අතර ඔස්ට්‍රේලියානු නැගෙනහිර දිවා සම්මත වේලාවෙන් අද උදෑසන 9 වන විට එම ප්‍රමාණය 2,389 කි.

වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොරෝනා ආසාදිතයින් 1,036 දෙනෙකු සහ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් 835 දෙනෙකු වාර්තා වන බවද සඳහන්.

බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයෙන් කොරෝනා ආසාදිතයින් 400 දෙනෙකු වාර්තා වන අතර දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයෙන් 385 දෙනෙකු වාර්තා වේ.

ටස්මේනියා ප්‍රාන්තයේ වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 74 ක් වන අතර Australian Capital Territory හි එම ප්‍රමාණය 87 ක් බව සඳහන්.

අද උදෑසන වන විට Northern Territory හි කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 20 ක් ලෙස දැක්වුණි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now