SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ කොරෝනා මරණ 37 ක් දක්වා ඉහළ නගින විට ආසාදිතයින් 6,000 ට කිට්ටු කරයි

Coronavirus death
Source: Pixabay

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

අද (06/04) උදෑසන නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් තවත් කොරෝනා මරණ 2ක් වාර්තා වීමත් සමග මෙලෙස ඔස්ට්‍රේලියාවේ මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 37 ක් ලෙස ඉහළ නැගුණි.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් පමණක් මේ වන විට කොරෝනා මරණ 18 ක් වාර්තා වන බව සඳහන්.

එමෙන්ම ඔස්ට්‍රේලියාවේ කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය අද උදෑසන 8.30 වන විට 5,774  දක්වා ඉහළ ගොස් තිබේ.

වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් තවමත් වාර්තා වන්නේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් වන අතර ඔස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන් අද උදෑසන 8.30 වන විට එම ප්‍රමාණය 2,637 කි.

වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොරෝනා ආසාදිතයින් 1,135 දෙනෙකු සහ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් 907 දෙනෙකු වාර්තා වන බවද සඳහන්.

බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයෙන් කොරෝනා ආසාදිතයින් 453 දෙනෙකු වාර්තා වන අතර දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයෙන් 409 දෙනෙකු වාර්තා වේ.

ටස්මේනියා ප්‍රාන්තයේ වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 86 ක් වන අතර Australian Capital Territory හි එම ප්‍රමාණය 96 ක් බව සඳහන්.

අද උදෑසන වන විට Northern Territory හි කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 27 ක් ලෙස දැක්වුණි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now