SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ කොරෝනා මරණ 51 ක් දක්වා ඉහළ නගින විට ආසාදිතයින් 6,052 ක් වෙයි

coronavirus
Source: AAP

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ඔස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන් අද (09/04) පෙරවරු 9 වන විට ඔස්ට්‍රේලියාවේ කොරෝනා මරණ 51 ක් ලෙසට ඉහළ ගොස් තිබේ.

දකුණු ඔස්ට්‍රේලියාවේ පදිංචි 76 වන වියෙහි පසුවූ පිරිමි පුද්ගලයෙකු ගේ මරණය මෙලෙස ඔස්ට්‍රේලියාවේ 51 වන කොරෝනා මරණය ලෙස වාර්තා විය.

ඒ සමගම දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයෙන් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව තුනක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර ඔස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන් අද පෙරවරු 9 වන විට ඔස්ට්‍රේලියාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 6,052 දක්වා ඉහළ ගොස් ඇත.

වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් තවමත් වාර්තා වන්නේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් වන අතර එම ප්‍රමාණය 2,773 කි.

වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොරෝනා ආසාදිතයින් 1,212 දෙනෙකු සහ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් 943 දෙනෙකු වාර්තා වන බවද සඳහන්.

බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයෙන් කොරෝනා ආසාදිතයින් 481 දෙනෙකු වාර්තා වන අතර දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයෙන් 420 දෙනෙකු වාර්තා වේ.

ටස්මේනියා ප්‍රාන්තයේ වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 97 ක් වන අතර Australian Capital Territory හි එම ප්‍රමාණය 99 ක් බව සඳහන්.

අද උදෑසන වන විට Northern Territory හි කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 27 ක් ලෙස දැක්වුණි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now